ජනාධිපතිවරයා, අගමැතිවරයා හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කොරෝනා එන්නත ලබා ගත්තේ කවදාද, කුමන ස්ථානයකදීද යන්න රටට හෙළිදරව් කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ප්‍රශ්න කර සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ අද ඒ කිසිවක් හෙළිදරව් නොකොට ආණ්ඩුවේ ඇතැමුන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන බවය.
ඉන්දියාව, අමෙරිකාව වැනි රටවල රාජ්‍ය නායකයන් ජනතාව ඉදිරියට පැමිණ එන්නත් ලබා ගත් බව කී නෙල්සන් මහතා හැකිනම් රාජපක්ෂ පවුල එන්නත ලබා ගත් දින වකවානු හෙළිදරව් කරන ලෙස අභියෝග කර සිටියේය.










