තවත් කොවිඩ් මරණ 98ක් ඊයේ (05) දින සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ් අතර කාන්තාවන් 44 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බව වාර්තා විය.










