“නිදහස් අධ්‍යාපනයට අත නොතබනු-කොතලාවල පනත හකුලාගනු” මැයෙන් සමගි ජනබලවේගයට අනුබද්ධ සිවිල් සංවිධාන විසින් පවත්වනු ලැබු විරෝධතාවය අද (05) ඇස්වාට්ටුව අබියසදී පැවැත්විණි.
ඒ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමගි අධ්‍යාපන සේවක සංගමය,සමගි තරුණ බලවේගය,ජනතාවාදී බුද්ධි මණ්ඩපය,සමගි නීතිඥ සංගමය,ඇතුලු සමගි ජනබලවේගයට අනුබද්ධ සංවිධාන රැසක් මීට එක්විය.












