ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග කොරෝනා ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වීම හේතුවෙන් කරාපිටිය රෝහලේද හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.
මීට පෙර රත්නපුර රෝහලේද හදිසි තත්ත්වක් ප්‍රකාශයට පත් කළ බව එහි අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කොට තිබිණ.
මීට අමතරව රෝහල්තුළ පවතින ධාරිතාව ඉක්මවා යමින් කොරෝනා ආසාදිතයන් ඇතුල් කිරීමේ තත්ත්වයකට රාගම රෝහල ද මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
මේ තත්ත්වය මත, රෝගය බෝවීමේ අවදානම පිළිබදව, අදාල රෝහල්වල අධ්‍යක්ෂකවරු විසින්, සිය කාර්ය මණ්ඩල වෙතද අනතුරු හගවා ඇති අතර, සෑම විටම සෞඛ්‍යාරක්ෂිත උපක‍්‍රම භාවිතා කරන්නැයි, කාර්ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ.
මෙය රෝහල් ඉතිහාසයේ කලාතුරකින් දක්නට ලැබෙන සිදුවීමක් බව වෛද්‍ය විශේෂඥවරු අදහස් පළ කර සිටිති.










