කාන්තාවන්ට සහ දරුවන්ට එල්ල වී ඇති හිංසනවලට එරෙහිව පවත්නා නීති තවත් දැඩි විය යුතු බවත්, එවැනි අපරාධවල දී කඩිනමින් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා අදාළ චූදිතයන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ජීවිත සුරක්ෂිත කරන රටක් ගොඩ නැංවීම සමගි ජනබලවේගයේ ඒකායන ප්‍රාර්ථනය බවත්, ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් ඒ මහතා පැවසීය.










