• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරාජා ගැන සජිත් නිකුත් කළ දුක්බර නිවේදනය!

July 25, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
මහරාජා ගැන සජිත් නිකුත් කළ දුක්බර නිවේදනය!
Share on WhatsAppShare on Facebook

තමන්ට අතිශය සමීපතමයකු වූ කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිශය සංවේදී සටහනක් තබා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත්කළ එම නිවේදනය මෙසේය.

කැපිටල් මහරාජා සමූහයේ සභාපති මෙන්ම අපගේ හෞදයාංගම සමීපතමයෙකුද කීර්තිමත් ලංකා පුත්‍රයෙකුද වූ ආර්. රාජ මහේන්ද්‍රන් මහතාගේ අභාවය අප තුළ ඇති කළේ දැඩි බලවත් කම්පනයකි.

එතුමන්ගේ නික්ම යාම  පොදුවේ මුළු මහත් රටටත්,පෞද්ගලිකව අපටත් අති මහත් වූ සංවේගයකි.දැඩි ශෝකයට හේතුවකි.එතුමන් සහ අප අතර දීර්ඝකාලීන සම්බන්ධතාවයක් පැවති අතර විශේෂයෙන්ම එතුමා මගේ පියාණන්ගේ බොහෝ කටයුතු වලදී අප්‍රමාණ සහයෝගයක් ලබාදුන් කල්‍යාණ හිතවතෙකි. ඔවුන් දෙදෙනා අතර ඉතාම සමීප කුළුපග සම්බන්ධතාවයක් තිබුණේය.ඒ අතිමහත් වූ සහයෝගය මා හටද නිරන්තරයෙන්ම හිමිවිය.එතුමන් සහ අප අතර වූ විසල් සම්බන්ධතාවය ඉතා ශක්තිමත් සහ ලෙංගතු සම්බන්ධතාවයකි.

එතුමාගේ අභාවය අපව දැඩි කම්පනයකට පත් කළේ එතුමා සතු උතුම් මානූෂීය ගුණධර්ම නිසාම ය.

මේ අනපේක්ෂිත වියෝවෙන් බලවත් කම්පනයට පත්ව සිටින එතුමන්ගේ දයාබර මැතිණියට,දයාබර පුතණුවන්ට,දයාබර දියණියට මෙන්ම පවුලේ ඥාති  මිත්‍රාදීන් ඇතුළු සියලුම දෙනාට  මාගේත් අප පවුලේත් ඉමහත් ශෝකය සහ සංවේගය පිරිනමමි.

රාජමහේන්ද්‍රන් මැතිතුමා කැපිටල් මහරාජා සමූහයේ සභාපතිවරයා වූ අතර තම ආයතනවල සුබසිද්ධිය මෙන්ම එම ආයතනවල සේවය කරන සේවක සේවිකාවන්ගේ ජිවිත දීප්තිමත් කිරීම උදෙසාත් නිර්ලෝභීව කටයුතු කළ ආයතන හිමිකරුවෙකි.

මෙරට ප්‍රමුඛ පෙළේ අග්‍රගණ්‍ය මාධ්‍ය ජාලයක හිමිකරු වූ එතුමා නිරන්තරයෙන් අපක්ෂපාතීවත් සත්‍යවාදීවත්,එල්ල වෙන සියලු අභියෝග හමුවේ නිර්භීතවත් කටයුතු කිරීමේ නිදහස එම මාධ්‍ය ආයතන වලට ලබාදුන් කෘතහස්ත නියමුවෙකි.

තමන් විශ්වාස කරන දර්ශනය සහ ප්‍රතිපත්තිය ඉදිරියේ නොසැලී ගමන් කරමින්, එහිදී තමන්ට එල්ලවෙන අනේකවිධ අභියෝග සියල්ල ඉන්ද්‍රකීලයක් සේ භාරගනිමින් සහ ඒවාට මුහුණ දෙමින් එතුමන් සිය කණ්ඩායම සමඟ පැමිණි ගමන එක් අතකින් අද්විතීය ය.විස්මයජනකය.

සත්‍ය වෙනුවෙන් අභීතව පෙනී සිටීම හේතු කොටගෙන එතුමාට සහ එතුමන්ගේ මාධ්‍ය ආයතනවලට එල්ල වූ අභියෝග සුළුපටු ඒවා නොවූ අතර ඒ කිසිවකින් එතුමන්  හෝ එතුමන්ගේ  ආයතන නිහඬ කිරීමටවත්, ආපසු හැරවීමටවත් කිසිම බලවේගයකට නොහැකි විය.සැබෑ නායකයෙකුගේ ස්වරූපය මොනවට පෙන්නුම් කරමින් එතුමා සෑම විටකම තම කණ්ඩායම ආරක්ෂා කර ගැනීමට ඇපකැප විය. 

තමන්ගේ ආයතනවල සේවය කරන ඉහළ නිලධාරීන්ගේ සිට පහළම සේවකයා දක්වා එතුමා සිය අවධානය යොමු කළා පමණක් නොව ඔවුන්ගේ ජීවිත ගොඩ නැංවීම වෙනුවෙන් පෞද්ගලිකව මැදිහත් වූ වාර අප්‍රමාණය.

කැපිටල් මහරාජා ආයතනය, සර්ව ආගමිකත්වයත්,සහජීවනයත්,සංහිඳියාවත් කෙරෙහි කැපවුණු තැනක් බවට පත් කිරීමෙහි ප්‍රමුඛතම නියමුවා වන්නේ රාජ මහේන්ද්‍රන් මහතාය.

මෙරට පවතින මාධ්‍ය ජාල අතරින් සමාජ සත්කාර කෙරෙහි ස්වකීය අවධානය යොමු කළ මුල්ම සහ ප්‍රමුඛතම මාධ්‍ය ජාලය සිරස මාධ්‍ය ජාලය වූ අතර එය රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයක් සහ පූර්ණ අධීක්ෂණයක් යටතේ සිදු වූ ක්‍රියාවලියකි. ගම්මැද්ද,සිරස සහන යාත්‍රා වැනි වැඩසටහන් ඒ පිළිබඳව සජීවී සාක්ෂි වෙයි.අතිශය සුන්දර රටක් බවට ශ්‍රීලංකාව පත්වනවා දැකීමේ අප්‍රතිහත සිහිනයක් එතුමා තුළ තිබූ බව අප හොදින්ම දන්නා සත්‍යයකි.ඒ වෙනුවෙන් එතුමා තමන්ට හැකි උපරිමයෙන් අරගල කළේය.

ඒ අරගලය අනවරත වූවකි.

ශිෂ්ටසම්පන්න රටක් වෙනුවෙන් වූ සිය ඒකායන බලාපොරොත්තුව පරදැරිව එතුමන් සිය මාධ්‍ය හරහා සමාජ අරගලයකට පනපොවනු ලැබූවෙකි.සැබැවින්ම ඔහු බලාපොරොත්තු වූයේ සුන්දර සංහිඳියාවෙන් පිරි රටකි.ඔහු කැපවුණේ ඒ උදෙසාවෙනි. විපතක් සිදු වූ තැන ද, උදව්වක් අවශ්‍ය වූ තැන ද ක්ෂණිකව සහ වේගවත්ව මැදිහත් වෙමින් ජනතා හිතසුව පිණිස සිය මාධ්‍යමය මෙහෙවර මෙන්ම සමාජ සත්කාරමය මෙහෙවර ද ඉටු කිරීම උදෙසා සිරස මාධ්‍ය ජාලයට රාජා මහේන්ද්‍රන් මහතාගෙන් ලැබුණු ශක්තිය සහ ආශිර්වාදය මෙතකැයි කිව නොහැකිය.

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට,මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට,මෙරට කලා ක්ෂේත්‍රයට ,මෙරට  ක්‍රීඩා ක්ෂේත්‍රයට,මෙරට දේශපාලන ක්ෂේත්‍රයට මෙන්ම සත්‍ය උදෙසා කැප වෙමින් මෙරට පුරවැසි ප්‍රජාව වෙනුවෙන් ද එතුමන් වෙතින් ඉටු ඉටු වූ මෙහෙවර කිසිදාක අමතක කළ හැක්කක් නොවේ.

එවන් අද්විතීය මෙහෙවරක් ඉටු කළ දැවැන්තයෙකු ගේ නික්ම යාම දරාගත නොහැකි සංවේගයකට මෙන්ම කම්පනයකට ද හේතුවක් වන බව පුදුමයක් නොවේ.

රාජමහේන්ද්‍රන් මැතිතුමනි,

ඔබ සහ අප අතර පැවැති ලෙන්ගතු හිතෛෂිවන්ත භාවය පිළිබඳව වූ මතකයට හෘදයාංගම උත්තමාචාරය පුද කරමින් ඔබට නිවී සැනසීම ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක

SendShareShare
Previous Post

බේරුවල 5 වසරේ සිසුවකුට ඩෙල්ටා!

Next Post

මහරාජා නික්ම යයි… (PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.