• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් හීන ළඟ නැවතිච්ච ජීවිතේ
මොනතරම් දුක් කඳක් තිබුණාද ඔය හිතේ

July 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔන්ලයින් හීන ළඟ නැවතිච්ච ජීවිතේ  මොනතරම් දුක් කඳක් තිබුණාද ඔය හිතේ
Share on WhatsAppShare on Facebook

දුක් විඳලා අවුරුදු 16ක් හැදූ තමන්ගේ දරුවා, තමන් දස මාසයක් කුස දරන් ඉඳලා අවුරුදු 16ක් උස්මහත් කළ දරුවා මෙහෙම කාමරයේ බාල්කයේ එල්ලිලා ඉන්නවා දකිනකොට දරාගන්න පුළු‍වන් මොන අම්මාටද? මොන තාත්තාටද? මෙයට හේතු වුණේ අන්තර්ජාලයෙන් ඉගෙනීමට තමන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැතිවීමයි. මේවාට වගකියන්න ඕනේ කවුද යන්න සිතාබැලිය යුතුයි. මේ, අපේ රටේ සිදුවුණු එක් සිද්ධියක් විතරයි.

මවුපියන් දරුවන් ඉල්ලන හැම දේම අරන්දෙන්නේ දරුවන්ට තියෙන ආදරේ නිසයි. ඒත් දරුවන් ඉල්ලන දේ අරන් දෙන්න බැරි වුණාම දරුවන්ට නොපෙන්නුවාට හිතින් දහස් වරක් ඒ මවුපියන් දුක්වෙනවා. දරුවන්ට ඒක දැනෙන්නේ නැහැ. මවුපියන් හැම වෙලේම කටයුතු කරන්නේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්නයි.

පසුගිය 16 වැනිදා මේ විදියට අවාසනාවන්ත ලෙස මියගියේ කුරුණෑගල වාරියපොළ, වලගනේ පාරේ පදිංචිව සිටි ශ්‍රී ඤාණෝදය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අවුරුදු 16ක් වයසැති, කවිඳු දුලාජ් හේෂාන් විජේරත්න නමැති සිසුවා. මේ සිද්ධිය පිළිබඳ ‘මව්රට’ පුවත්පත වාරියපොළ කොට්ඨාසය භාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතා සහ පොලිස් සැරයන් ලක්ෂ්මන් මහතාගෙන් විමසීමක් කළා.

තාත්තා අම්මා වත්තේ වැඩ කරලා ගෙට ගොඩවුණේ මහන්සිය නිවාගන්නට කියලයි. ගෙට ගොඩවී පුතා ගැන සොයා බැලුවත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහුගේ කාමරයේ දොර විවෘත කර බලන්නට වුණා. එවිට මේ සිදුවීම දැකගන්නට ලැබුණේ ඉතා අවාසනාවන්ත ලෙසයි. ඒ මවුපියන්ගේ ඇස් අදහාගන්නට බැරිවුණා. ඒ දුටු දසුනින් ඔවුන්ගේ අනාගත සිහින බොඳව ගියා.
කවිඳුව හැකි ඉක්මනින් කුරුණෑගල මහ රෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතයට පණදෙන්නට හැකිවුණේ නැහැ. කුරුණෑගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.පී.කේ. විජේවීර මහතා සිය පරීක්ෂණයෙන් තහවුරු කළේ එය ගෙල වැලලා ගැනීම හේතුවෙන් සිදුවූ මරණයක් බවයි. මේ මවුපියන්ට තවත් දරුවන් දෙදෙනෙක් සිටියත් එයින් කවිඳුගේ අඩුව පිරිමහන්න කිසිසේත්ම බැහැ. කවිඳුට ඔන්ලයින් ඉගෙනගන්න ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබුණත් එහි බොත්තම් කිහිපයක් අක්‍රීයවී තිබුණා. ඔහු තම මවට කිහිප වරක් ඇවිටිලි කළත් තම දරුවාට නව ජංගම දුරකතනයක් අරන් දීමට තරම් වත්කමක් ඇයට තිබුණේ නැහැ. මේ මියගියේ පවුලේ දෙවැනි දරුවායි. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් සිටියේ. කවිඳුගේ වැඩිමහල් සහෝදරයා උසස් පෙළ හදාරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. කවිඳුගේ පියාට ස්ථිර රැකියාවක් නැහැ. ඔවුන් දිවි සරි කරගත්තේ ගොවිතැන් කටයුතුවලින්. අපට දැනගන්න ලැබුණු විදියට කවිඳු අහිංසක නිශ්ශබ්ද දරුවෙක්.

කොවිඩ් වසංගතය නිසා මානසිකව කඩාවැටීම එක් දරුවෙක්ට සිදුවූවක් නොවෙයි. ඔන්ලයින් ඉගෙන ගන්න සුදුසු ස්මාර්ට් ජංගම දුරකතනයක් නැතිවීම දරුවන්ගේ ජීවිතයකට කොතරම් මානසිකව බලපානවාද යන්න ඒ ඛේදනීය සිදුවීම සාක්ෂි දරනවා. ඔන්ලයින් කියන වචනයවත් ගමේ ළමයි දැනගෙන හිටියේ නැහැ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමුණා. අධ්‍යාපනය කඩාවැටුණා. දරුවන් මානසිකව වැටුණා. දරුවන්, මවුපියන් සමග අඬදබර කරගත්තා. ඇතැම් දරුවන් නොයෙක් මත්ද්‍රව්‍යවලට යොමු වුණා. දරුවන් අතරමං වුණා.

සමහර දරුවන්ට ඔන්ලයින් පහසුකම් තියෙනවා. සමහරුන්ට ඔන්ලයින් පහසුකම් ලබාගන්න උපාංග නැතිවුණා. මෙයින් අසරණ වුණේ ඒ අහිංසක දරුවෝයි. මේ ඛේදනීය සිදුවීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සිතාබැලිය යුතුයි.

මේ සිද්ධිය එක් සිද්ධියක් පමණයි. මීට අමතරව පසුගියදා මොරටුවේ එගොඩඋයනේද පරිගණක ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ තරුණයෙක් දිවි නසාගෙන තිබුණා. ඊට පෙර දින කිහිපයකදීම එම තරුණයා, තම වැඩ ගැන නොසොයන ලෙස සිය මවුපියන්ට පවසා තිබුණා. තාක්ෂණික උපකරණ අසීමාන්තිකව භාවිත කිරීම හේතුවෙන් අවුල් වූ මනස් ඇති දරුවන් සිය වැටිහිටියන් සමග ගැටුම් ඇතිකරගෙන විනාශ වී ගිය මෙවන් පවුල් දහස් ගණනක් ඈත ගම්මානවල සේම නගරයේත් සිටිනවා. මෙය ඉතා ශෝචනීය තත්ත්වයක්.

දුප්පත් මිනිසුන් එදා වේල පිරිමහගන්නේද ඉතා අමාරුවෙන්. ඇතැම් වෙලාවට තම දරුවන්ට දුරකතන අරන් දෙන්නේ වේල් කියක් නොකා නොබීද කියලා බලධාරීන් දන්නේ නැහැ.
අපේ අධ්‍යාපන බලධාරීන් ඔන්ලයින් ඉගෙනගන්න කියලා කිව්වාට ඊට සරිලන ජංගම දුරකතන නොමැතිව දරුවන් කොපමණ සංඛ්‍යාවක් අසරණ වෙනවාද? ඇතැම් නිවෙස්වල දරුවන් දෙන්නා තුන්දෙනා සිටින විට ඒ නිවෙසටම තිබෙන්නේ එක ස්මාර්ට් ජංගම දුරකතනයක් පමණයි. ඒ දරුවන්ගෙන් එක් අයෙක් ඔන්ලයින් ඉගෙන ගන්නා විට අනෙක් දරුවාට සිය පංතිය මඟහැරී යනවා. රටේ පවතින සත්‍ය තත්ත්වය මෙයයි.

ඇතැම් අවස්ථාවල ජංගම දුරකතන තිබුණත්, ඒවා භාවිත කිරීමට දුෂ්කර ගම්මානවලට දුරකතන සංඥා නැහැ. මේ නිසා අවාසනාවන්ත තත්ත්වයක් උදාවුණා. අහිංසක දරුවන් දුරකතන සංඥා සොයාගෙන වනාන්තරවල, ගස් ගල් උඩට නගිනවා. නිවෙස්වල වහල මතට නගිනවා. කිලෝමීටර් දහස් ගානක් දුර පයින් යනවා. දුරකතන සංඥා සොයා බස්වලින් තම යහළු‍ යෙහෙළියන්ගේ නිවෙස් වෙත යනවා. දරුවන් සමහර විට අසභ්‍ය වෙබ් අඩවිවලට ගිහින් ජීවිත විනාශ කරගන්නවා. සිග්නල් නැතිකම නිසා ගුරුවරු පන්ති පවත්වලා තිබෙන බව දන්නේ ඇලට් එන විටයි. ළමයි එහෙම පන්තියක් තිබිලා කියලා දැනගන්නකොට පන්තිය මඟහැරිලා. මේ දේවල් කෙතරම් ක්‍රමානුකූලද? නිදහස් අධ්‍යාපනය කියන්නේ මෙයටද? ඇයි මේවා ගැන අපේ රටේ බලධාරින්ට පේන්නේ නැත්තේ.

ඔන්ලයින් කියන්නේ රටට විනාශයක්. දරුවන්ට විනාශයක් තමයි අවසානයේ මේ හරහා සිදුවුණේ. පසුගිය කාලයේ ඔන්ලයින් කියන දේ ඇතැම් ටියුෂන් ගුරුවරුන් මහා ජාවාරමක් කරගත්තා.
දරුවනුත් කලබල වී තීරණ ගන්න හොඳ නැහැ. බොහෝ දරුවන්ට ස්මාර්ට් ෆෝන් නැහැ. පරිගණක නැහැ. ටැබ් නැහැ. ඒත් පාසල්වලින් කියන්නේ ඔන්ලයින් ඉගෙනගන්න කියලා. කවුද මේවාට වගකියන්න ඕනේ.

මෙවැනි දරුවන් කීදාහක් අද මෙවැනි තත්ත්වයකට ඇදවැටිලා ඇත්ද? අතැම් මවුපියන් තම දරුවන්ට මේ තාක්ෂණික උපාංග අරන් දෙන්නේ තමන්ගේ කණකර බඩු උකස් කරලා. එහෙම උකස් තියන්න දෙයක් නැති මවුපියන්ද බොහෝ සිටිනවා.

රජයක් විදියට මේ දේවල්වලට බලධාරීන් ඍජුවම මැදිහත් විය යුතුයි. සහන මිලට ටැබ් පරිගණක දරුවන්ට ලබාදීමට කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් සෞඛ්‍යාරක්ෂිත ලෙස පාසල් නැවත ආරම්භ කළ යුතුයි. රජයෙන් ඒ වගකීම් ඉටු නොවීම තහවුරු කරන කදිම උදාහරණයක් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියා.
“‍ආණ්ඩුව පසුගිය අවුරුද්දේ මාර්තු 12 වැනිදා සිට අවුරුද්දකුත් මාස 4ක කාලයක් මේ රටේ දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් ලබාදීමේ ක්‍රමවේදයක හිටියේ නෑ. ඔන්ලයින් කරේ ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේම මුදලින් තමන්ගෙම උපකරණවලින් පමණයි. ආණ්ඩුව කිසිම දෙයක් කරලා නැහැ. කළේ මොකද්ද අධීක්ෂණය කියලා බලෙන් කිරීම. ඒ ක්‍රියාවලියත් අපි ගුරු විදුහල්පති සමිතිය ලෙස බැහැර කළා. ඒහි ප්‍රතිඵලය ලෙස අපි ඔන්න ඔන්ලයින්වලින් අධ්‍යාපනය කළා කියලා කිව්වා. නමුත් ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ ඔන්ලයින් සඳහා සහභාගි කරගත හැකි වුණේ 43 ලක්ෂයක් ළමයින්ගෙන් සියයට 40ක් පමණයි. සියයට 60කට කිසිදු පහසුකමක් නෑ…”‍

තාක්ෂණය ජීවිත ඉදිරියට ගෙනගියත් සාරධර්ම අතින් ජීවිත පිරිහෙන බව අපට දිනෙන් දින ප්‍රවෘත්ති මගින් අසන්නට දකින්නට ලැබෙනවා.

මවුපියන් මේ සියලු‍ දේ කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙනුයි. දරුවනුත් මේ බව සිතිය යුතු වෙනවා. මවුපියන්ගේ නැතිබැරිකම් දරුවනුත් තේරුම්ගත යුතු වෙනවා. දරුවන්ට ලැබෙන විදියට ජීවත්වන්න කුඩා කල සිටම පුරුදු පුහුණු කළ යුතුයි.

අපි ගුරුවරුන්ගෙන් ඉල්ලමු. විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලමු. සියලු‍ම බලධාරින්ගෙන් ඉල්ලමු. කොරෝනාවලට පාසල් නිවාඩු දුන්න තැනින් නැවත පාඩම් පටන්ගමු. නැත්නම් කවිඳු වැනි දරුවන් විශාල පරිසක් මානසිකව ඇදවැටී ජීවිත විනාශ කර ගනීවි. මේ දරුවන් අපේ රටේ සම්පත්. ඒ සම්පත් රැකගන්නට කටයුතු කළේ නැත්නම් නිසැකවම සිදුවන්නේ රට විනාශ මුඛයට ඇදදැමීමක්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පොලිස්පතිකමට දෙන්නෙක් අමුතු තරගෙක! (VIDEO)

Next Post

මරණ 52ක්!

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.