• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මානව හිමිකම් ගැන කතා කළ පාකිස්තාන මන්ත්‍රිනියට වෙඩි තිබ්බේ කව්ද?

July 21, 2021
in Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
මානව හිමිකම් ගැන කතා කළ පාකිස්තාන මන්ත්‍රිනියට වෙඩි තිබ්බේ කව්ද?
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන “ජුනූ මොහිෂීන්” ඝාතනය කිරීමේ අරමුණින් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් පසුගිය දා එල්ලකරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසට මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන කීපයක් ඉල්ලීම් කර තිබේ.

ඇගේ සම්පූර්ණ නම “සෙයිදා මයිමානත් ජුනූ මොහිෂීන්” වුවත් මහජනතාව අතරේ “ජුනූ මොහිෂීන්” වන ඕ ජනමාධ්‍යවේදිනියක් ද වන්නීය.

වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ “ඔක්ක්‍රා ප්‍රාද්ශයේ දී ඇය සිය වාහනයේ සිටිය දී බව පාකිස්තාන මාධ්‍ය පසුගිය සඳුදා නිවේදනය කෙළේය.

සිද්ධිය පිළිබඳ ස්වාධීන විමර්ශනයක් පවත්වා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඒ මොහොතේම ජාත්‍යන්තර ඇමෙනෙස්ටි ආයතනය ඉල්ලා තිබේ.
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම ද “වහාම අපරාධකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලෙසට බලකර තිබේ.

“ජුනූ මොහිෂීන්” ඇතුළු සමස්ත ජනමාධ්‍යවේදීනටම එල්ල කෙරෙන තර්ජන දැඩි ලෙස හෙළාදකිමින් පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමද නිවේදනයක් නිකුත් කර ඇත. “අපට සැනසීමකට තියෙන්නේ ඇයට අනතුරක් නොවීම නිසයි.” ඒ නිවේදනයේ සඳහනි.

පාකිස්තානයේ ඩිජිටල් මාධ්‍ය ආයතනයක් වන “වොයිසෙප්ට්” ආයතනය නාඳුනන තුවක්කු කරුවන් සයදෙනකුට එරෙහිව “හජ්රා ෂා මුකීම්” පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් සිවු දෙනකු තවමත් නිදැල්ලේය.

ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරීනට එල්ලවන ප්‍රහාර හෙළාදකිමින් “ජුනූ මොහිෂීන්” මංත්‍රීවරිය දැනට දින කීපයකට පෙර පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවාය.
“මාධ්‍යවේදීන්ටයි, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ටයි, මොකද මේ රටේ වෙන්නේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ කළ සටනින් පසුවයි මේ තරම් හෝ සුළු නිදහසක් පවා අප අත්කර ගෙන තියෙන්නෙ” යෝජනාව ඉදිරිපත් කරමින් ඇය පාර්ලිමේන්තුවේ දී කීවාය.

ඇයට හිතවත් මාධ්‍යවේදීන් වන අබ්සාර් අලාම් සහ අසාඩ් අලි ටූර් යන දෙදෙනාට දින කීපයකට පෙර එල්ලවූ ප්‍රහාරය පිළිබඳ ද “ජුනූ මොහිෂීන්” මංත්‍රීවරිය විස්තර කළාය.

“මගේ සැමියා වන “නජාම්සේතිට” පහර දුන්නා. කීප වරක්ම ඔහු පැහැර ගෙන ගියා. මගේ ජීවතයේ දී අවුරුදු තිහක්ම ඔවැනි සිද්ධීන් අත්වින්දා. ඔහු කළ වැරැද්ද මානව හිමිකම් ගැන කතා කිරීමයි. මම මේ කතා කරන්නේ වින්දිත පවුල් වෙනුවෙන්” ඇය පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කීවාය.

එම ප්‍රකාශයෙන් පසුව මන්ත්‍රීවරියට සමාජ මාධ්‍ය ජාලවලින් දිගින් දිගටම මරණ තර්ජන එල්ලවන්නට පටන් ගත්තේය.

ඒ හාම ඇගේ හිතෛෂීන් විසින් ඇයට මහජන රැලිවලට සහභාගි නොවන ලෙසට ද අනතුරු අඟවනු ලැබුවාය. ඒ හිතවතුන්ගේ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්‍ෂේප කළ ඇය මහජන උත්සවවලට සහභාගි වූවාය. එසේ ගිය විටෙක ඇගේ ආරක්‍ෂක බළඇණියද මගහරවා ඇය ඝාතනයට වෙඩි ප්‍රහාරය එල්ලකර තිබේ.

පාකිස්තානයේ අස්ථාවරභාවය පිළිබඳ ලිපියක් ලියූ ඉස්ලාමාබාද්හි පදංචි මාධ්‍යවේදී “අසාද් අලි ටූර්ගේ” නිවෙසට කඩාවැදුණු පිරිසක් ඔහුට ඉතා අමානුෂික අන්දමින් පහරදී තිබේ.
පාකිස්තානය මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ලෝකයේ පස්වැනි ස්ථානයට ගැනෙන රට බවට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය නම්කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කප්පම් ගන්න මම හිඟන්නෙක් නෙමෙයි! ‌මට කෝටි 15ක ඉස්සන් කොටු තියෙනවා! ප්‍රියංකර කී කප්පම් ඇමැතිලා කතාවේ තොප්පිය සනත් නිශාන්ත දාගෙන!

Next Post

ජොන්ස්ටන් විපක්ෂයට…

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.