ඩෙල්ටා නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය අනෙක් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් පැතිර යන බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.
කවුරුන් කුමන කෝණයකින් මෙම වෛරස් ප‍්‍රභේදය දෙස බැලූවද එය සිතාගත නොහැකි වේගයකින් පුද්ගලයන් අතර පැතිර යන බව එක්සත් ජනපදයේ වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය හෙලන් චුගේ මහතා ප්‍රකාශ කොට තිබේ.
මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබුණේ ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය එංගලන්ත වෛරස් ප‍්‍රභේදය වන ඇල්ෆා ප‍්‍රභේදයට වඩා 60 ගුණයක වේගයකින් පැතිරීමේ හැකියාවක් ඇති ප‍්‍රභේදයක් බවකි.










