ඉන්දියාවේ බන්ධනාගාරතව සිටින කිඹුලා ඇල ගුණා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පුද්ගලයෙක් රුපියල් කෝටි 12ක් පමණ වටිනා හෙරොයින් කිලෝ පහළොවක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ‘ඩබල්’ නමින් හඳුන්වන අයෙක් බව පොලීසිය සදහන් කොට ඇත.
මේවා සොයාගෙන ඇත්තේ කොළඹ ආදුරුප්පුවීදිය නිවසක භූගත බංකරයක තිබියදීය .
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කිඹුලා ඇළේ ගුණාගේ පුතා වන සුරේෂ් නැමැත්තා ඉන්දියාවේ සිට මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම කලක පටන් මෙහෙයවා ඇති බව දැනගන්නට ඇත.










