• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුරට වඩා ඝනකම් රාජපක්ෂ ලේ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

July 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
වතුරට වඩා ඝනකම් රාජපක්ෂ ලේ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

1980දී මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා අත්තනගල්ල මන්ත්‍රි ධුරය අහෝසි වූ විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් යෝජනා කළේ මැතිනි වෙනුවට මැතිනියගේ දුව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ මන්ත්‍රි ධුරයට පත්කිරීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් කළ මෙම යෝජනාවට 70-77 කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක සභාග ආණ්ඩු කළ වාමාංශික පක්‍ෂ නියෝජිතයෝත් එකඟතාව පළකළහ.

ඒ වන විට බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන අනුර බණ්ඩාරනායක සිටියේ නුවරඑළිය-මස්කෙළිය ආසනයේ දෙවැනි මන්ත්‍රිවරයා ලෙසටය. ඒ වන විටත් අනුර මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීම නිසා අනුරගේ පාර්ශ්වයේ ඉල්ලීම වුණේ මැතිනියගෙන් හිස්වන මන්ත්‍රි ධුරයට ‘චිට්’ මන්ත්‍රිවරයා ලෙස අනුරව පත්කරන ලෙසය. චන්ද්‍රිකා ඒ මන්ත්‍රි ධුරයට පත්කරන්නට චන්ද්‍රිකාගේ සහෝදරයා වූ අනුරත්, අනුරගේ හිතවතුනුත් එදා තදින්ම විරුද්ධ වූහ. එදා මේ මැතිනියගේ අසුනට අක්කයි – මල්ලියි අතර හටගත් ගැටුම පවුල ඇතුළේ විශාල අර්බුදයක් බවට පෙරළී ගියේය. ඒ අර්බුදය කොච්චර දුරදිග ගියාද කියනවා නම් පවුල විතරක් නොව පක්‍ෂයද දෙකඩ වන තරමට මේ අර්බුදය දුරදිග ගියේය.

අද බැසිල් මුදල් ඇමැතිකම අරන් පාර්ලිමේන්තුවට ආපු එක ගැනත් විපක්‍ෂය හිතන්නේ බණ්ඩාරනායක පවුල ඇතුළේ වගේම රාජපක්‍ෂ පවුල ඇතුළේත් මන්ත්‍රීකම්වලට, ඇමැතිකම්වලට මරාගන්නවා කියාය.

‘බැසිල් ආණ්ඩුව ඇතුළට එනවා නම් මුදල් ඇමැතිකම ඉල්ලලා…’

‘හැබැයි මුදල් ඇමැතිකම දෙන්න මහින්ද කැමැති නෑ…’ ‘

මහින්දගේ පවුලේ අයත් ඒකට කැමැති නෑ…’

‘ගෝඨාත් කැමැති නෑ බැසිල් එනවට. බැසිල් ඇතුළට ආවොත් ඊළඟ ජනාධිපතිවරණයේදී බැසිල් අපේක්‍ෂකයා වෙනවට ගෝඨා කැමැති නැහැ…’

මේ පසුගිය සති දෙක, තුන ඇතුළත විපක්‍ෂය විසින් ප්‍රධාන මාධ්‍යවලත්, සමාජ මාධ්‍ය ජාලාවලත් අරන් ගිය ප්‍රචාරයය.

‘අන්න ගෝඨායි – මහින්දයි – බැසිලුයි ගෝඨාභයගේ ගෙදර රැස්වෙලාලු. බැසිල්ගෙ මුදල් ඇමැතිකම ගැන වචනයක්වත් කතා වෙලා නෑලු. සාකච්ඡාව අවසන් වෙලා තියෙන්නේ කිසිම තීන්දුවක් නැතිවලු…’

මෙවැනි පුවත් පවා ඒ කාලයේ ඇතැම් වෙබ් අඩවිවල පළව තිබූ ආකාරයක් දැකගත හැකි විය.

හැබැයි තනතුරුවලට, පුටුවලට ගහගත්ත බණ්ඩාරනායක පවුල වගේ රාජපක්‍ෂ පවුලත් තනතුරුවලට ගහගන්නවා කියලා හිතාගෙන පුවත් මවන විපක්‍ෂයේ අයියලා නොදන්න කතාවක්ද තිබේ. ඒ බණ්ඩාරනායක පවුල වගේ රාජපක්‍ෂ පවුල බලයට, පුටුවලට ගහගන්න ජාතියේ පවුලක් නෙවෙයි කියන එකය. බණ්ඩාරනායක පවුලේ සහෝදරයන් තනතුරුවලට ගහගනිද්දී රාජපක්‍ෂ පවුලේ සහෝදරයන් කළේ ඒ තනතුරුවලින් තම සහෝදරයන් බබළවන්න වැඩ කළ එකය.

ඒකට හොඳම උදාහරණය 2005දී මහින්ද ජනාධිපති වීමෙන් පසුව ආරම්භ කළ යුද්ධයේදී ගෝඨාට ලබා දුන් තැනය. ඒ ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් යුද්ධයේ වගකීම් සියල්ල කරමත පැටවී තිබුණේ ගෝඨාභයගේය. හැබැයි ගෝඨා යුද්ධය බාරගත්තා කියා එදා ජනාධිපතිව සිටි මහින්දත්, ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වූ බැසිල් රාජපක්‍ෂත් අතපය හකුළගෙන පැත්තකට වී සිටියේ නැත. යුද්ධය දින්නොත් ඒ ක්‍රෙඩිට් එක ගෝඨාට යනවා කියා ගෝඨාගේ කකුලෙන් අදින්න ගියේ නැත. මහින්ද ගෝඨාට යුද්ධය දිනන්න වුවමනා කරන දේශපාලන වටපිටාව සකසා දුන්නේය. යුද්ධය නතර කරන ලෙසට ජාත්‍යන්තරයෙන් ආ ප්‍රබල බලපෑම ගෝඨාට දැනෙන්න නොදී ඒක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කොට ගෝඨාගේ ඔළුව නිදහස්ව තිබ්බේ මහින්දය.

බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදියට ගෝඨාට යුද්ධය කරගෙන යන්න අවශ්‍ය සල්ලි සොයා දුන්නේය. පිටරටවලට කතා කොට නවීන අවි-ආයුධ ලබා දුන්නේය. යුද්ධය කරන අතරවාරයේ රටත් සංවර්ධනය කොට ජනතාවගේ අත-මිට සරු කර දුන්නේය. යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර කරන්නට වීරෝදාර හමුදාවන්ට හැකි වූයේ මහින්ද – ගෝඨා – බැසිල් කියන මේ ත්‍රිත්වයම පංගුබේරුම් නැතිව එකා වගේ රට වෙනුවෙන් කැපවූ නිසාය.

ඒ වගේම 2015දී මහින්ද තමන්ට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන කියලා කියද්දී ගෝඨාවත්, බැසිල්වත් ඒකට විරුද්ධ වෙන්න ගියේ නැත. බැසිල් ඒ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම කරට ගෙන තුනෙන් දෙකේ බහුතරය සකස් කර දී ව්‍යවස්ථාව වෙනස් කොට මහින්දට ඒ අවස්ථාව ලබා දීමට පාර කපා දුන්නේය. ඡන්ද සටනේදී මහින්දව යළිත් ජනාධිපති කරවන්න දිවා, රෑ නොබලා මහන්සි වුණේය.

කොහොම හරි 2015 පරාජයෙන් පසු බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්දගෙන් උදුරාගෙන රාජපක්‍ෂ පවුලටම දේශපාලන යනඑන මං නැති කළේය. මහින්දව තංගල්ලේ කාල්ටන් ගෙදරට කොටු කළේය. ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලය රාජපක්‍ෂවරුන්ට තහනම් කලාපයක් බවට පත්කළේය.

එහෙව් වෙලාවකදී බැසිල් ඇමෙරිකාවේ සිට යළි ලංකාවට පැමිණ එක්සත් ජාතික පක්‍ෂ විරෝධී බලවේග ඒකරාශී කොට පොහොට්ටුව නිර්මාණය කොට යළිත් මහින්දට දේශපාලන වේදිකාවක් තනා දුන්නේය. මහින්දත් මුලින් පොහොට්ටුවේ සාමාජිකත්වය නොගත්තත් පසුව එහි සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ අනුව බැසිල් මහින්දට දේශපාලන වාර්තාවක් ළඟා කර දෙමින් ඉතිහාසයේ පළමු වතාවට පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත්කළේය.

රාජපක්‍ෂ පවුලට 2019 ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක එකක් විය. 19 වැනි සංශෝධනයට අනුව මහින්දට තරග කිරීමේ අවස්ථාව අහුරා තිබිණි. අපේක්‍ෂකයෙක් නැතිව පොහොට්ටුව පාර්ශ්වයෙන් කිහිප දෙනෙකුගේ නම් කියැවිණි. ඒ නම් අතර ඉදිරියෙන්ම තිබුණේ ගෝඨාභයගේ නමය.

‘මහින්ද කීයටවත් ගෝඨාට නාමයෝජනා දෙන්නෙ නෑ…’

මේ ඒ දවස්වල එවකට ආණ්ඩු පක්‍ෂය හැමවෙලාවෙම මතුරපු සූත්තරයය. මොකද ඒ වෙලාවේ ආණ්ඩු පක්‍ෂය හිතුවේ බණ්ඩාරනායක පවුල වගේම රාජපක්‍ෂ පවුලත් පුටුවලට පෙරේතකමේ එකිනෙකාගේ කකුලෙන් අදීවි යැයි කියාය.

හැබැයි විපක්‍ෂයට අමතක වුණු කාරණාවක්ද මෙතැන තිබේ. ඒ, ප්‍රශ්නයක් ආ විට ඒ ප්‍රශ්නය විසඳාගන්නා විශේෂ සංස්කෘතියක් රාජපක්‍ෂ පවුල ඇතුළේ තියෙනවා කියන එකය. සියලුම සහෝදරයන් කෑම මේසයට වාඩි වී ප්‍රශ්නය විසඳා ගැනීම ඒ සංස්කෘතියය. ඒ අනුව අපේක්‍ෂක ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රාජපක්‍ෂවරුන් එක්රැස් වුණේ පවුලේ වැඩිමලා වූ චමල් රාජපක්‍ෂගේ පුත්‍රයකුට අයත් පැලවත්ත පැත්තේ නිවෙසකටය. සියලුම රාජපක්‍ෂවරුන් එක්රැස් වූ මේ සාකච්ඡාවේදී ගෝඨාභය අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට රාජපක්‍ෂවරු කටයුතු කළහ. කවුරුත් නොසිතපු විදියට කොළඹ සුගතදාසයේදී නිල වශයෙන් ගෝඨාභය කලඑළි බැස්සේ ඉන් අනතුරුවය.

ඒ නිසා කවුරුන් හෝ බැසිල් මුදල් ඇමැති වී ආණ්ඩුව ඇතුළට ආපු එකෙන් රාජපක්‍ෂ පවුල ඇතුළේ ප්‍රශ්න ඇති වනු ඇතැයි කියා හිතනවා නම් ඒ අයගේ ඔළු පරීක්‍ෂා කරගත යුතුය.

බැසිල් මේ පාරත් තමන්ට බාර දුන් කාර්යය නිසි අයුරින් ඉෂ්ට කොට ජනාධිපති අයියාවත්, අගමැති අයියාවත් ගොඩ දමා විපක්‍ෂය බිමටම ඇද නොදැම්මොත් ඒ බැසිල් නොවේය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

දෙහිවල ‘සත්තු පොකුර’ පත්තු වෙයි! තවත් 4කට කොරෝනා!

Next Post

එන්නත් කමිටුවේ අපලයක්! චීන සිනොවැක් එන්නතට අවසර දීමත් සමග තවත් වෛද්‍යවරු තිදෙනෙක් ඉල්ලා අස්වෙයි!

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.