• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී! වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී! පෝර නැතුව මහ ගින්නක් හිතට දනී! ඊළඟ කන්නේ මක්වේදැයි දෙයියෝ දනී!

July 15, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී! වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී! පෝර නැතුව මහ ගින්නක් හිතට දනී! ඊළඟ කන්නේ මක්වේදැයි දෙයියෝ දනී!
Share on WhatsAppShare on Facebook

‘පිලේ පැදුර හේනට
අරගෙන එනවා
එළා පැදුර මැස්සේ
එහි සැතපෙනවා
හේනට පොහොර නැතිව
අපි වැළපෙනවා
කේඩෑරි හේන රෑ සඳ එළියෙන් දිලිසෙනවා’

‘පොහොර සිහින දැක දැක එළිවෙති පලේයා
පෑදි දියට, බොර දිය
එක් වෙලායා
මොන කරුමයක්
වෙලා දැයි කියායා
කතා කළොත් ඇදගෙන
යයි කැලේයා’

මේ කවි දෙකෙහි පළමු කවියේ ඇති අපූරු වදන් දෙපළෙහි ගැයුම අයිති වන්නේ අපගේ රටේ මහා ගාන්ධර්වයාණන්ටය. ගාන්ධර්වයන් යනු අපි හොඳින් හඳුනන, ආදරය කරන මහා සංගීත විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය. එහෙත් මේ කවි දෙකෙහි අනෙත් පද පේළි ඔබට ගොතා තැබුවේ මේ කතාව ලියන මා විසිනි. මට බොහෝ විට ලිපියක් ලියන්නට හැකි වුණත් කවි නම් ලියන්නට බැරිය. එහෙත් මේ කවි පද මා අතින් ගෙතුණේ නිරායාසයෙනි. අද අප අතර නැති මහා සංගීත විශාරද අමරදේවයන් විසින් ඉහත පදවැල් දෙක ඇතුළත් වූ ගීතය ගැයුවේ සුවිශේෂී ප්‍රේමණීය වගතුගක් උදෙසාය. එදා හේනේ, පැලේ ගෙවුණු ‘ගොවියාගේ ආදර අන්දරය’ උදෙසා එය ගීතවත් වුණේය. එය සැබෑ ලෙසම මහා ළයාන්විත නිර්මාණයකි. එහෙත් එදා ගොවියා තමන්ගේ පැලේ රාත්‍රිය නිදිවරන විටදී, තම ආදරණීය තරුණ බිරිය ගැන මතකයට නැඟෙන්නේ අමරදේවයන්ගේ ගීතයේ ඉතිරි පද වැලට අනුව වුවත්, අද එසේ සිදු වන්නෙහිද?

අද ගොවියාට හේනේ, පැලේ පැල් රකින්නට වෙන්නේ තමන්ගේ ආදරණීය බිරියගේ ප්‍රේම සිතුවම් දකිමින් නොවේ. අද ඔහුට සිදුවී ඇත්තේ තමන් බියට පත් කරන නපුරු දසුන් සහ සිහින දකිමින් සිටින්නටය. අද ගොවියා දකින ඉතාමත්ම බියකරු සිහිනය කුමක්ද? එය නම් අද දසදෙසින්ම අපට අසන්නට ලැබෙන ‘පොහොර භීතිකාව’යි. අද රටේ ඉහළම පුටුවේ සිට ගොවියාගේ දුගී පැල දක්වාම ඇසෙන්නේ පොහොර නාටකයක කතාවයි. මේ නිසාම එදා ගැයූ ප්‍රේමණීය පැල්කවි සහ ගීතිකා අද ‘පොහොර අහේනියේ කවි’ බවට පරිවර්තනය වී ඇත. යම් ලෙසක අද අප අතර විශාරද අමරදේවයන් ජීවත්ව සිටියේ නම් ඔහුද ජනතාව උදෙසා මෙම ‘පොහොර ගීතිකා’ ගයනු ඇතිය. එය ඔහුගේ තත්ත්වය පහත හෙළන්නේ නැති අතර, තවත් ගරුත්වයක් ඔහුට එයින් හිමිවනු ඇතිය. අද ඒ තරමටම මෙම පොහොර නාටකයේ කතාව සුවිශේෂී විෂයක් බවට පත්වී ඇත. මෙයට පෙර කිසිදු දිනෙක අප සමාජයේදී ප්‍රබල මාතෘකාවක් බවට පත් නොවූ මෙම පොහොර කතාව ගැන අද බොහෝ දෙනෙකුගේද අවධානය යොමුවී ඇත.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ගේ කාර්යාලයේදී උසස් රජයේ නිලධාරීන් සමූහයක් ඉදිරියේ කියා සිටියේ ‘ගුටිකාලා හෝ බැණුම් අහලා හෝ’ කරන්නට ඕනෑ වැඩක් ගැනය. ඔහු කියා සිටියේ දිවයිනට රසායනික පොහොර ආනයනය කිරීම නවතා දැමූ බවත්, ඒ හෙයින් රටේ ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු විය යුතු බවත්ය. එසේ කාබනික පොහොර කෙරෙහි ජනතාව උනන්දු නොවන්නේ නම්, නිලධාරීන් ජනතාවගේ බැණුම් අසමින් හෝ ගුටිකමින් හෝ එම ක්‍රියාවට ජනතාව යොමු කළ යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මුවින් අසන්නට ලැබුණු මෙම කතාව ඉතාමත් හදිසි වගතුගක් හෙයින්, සමහර පාර්ශ්ව ඒ ගැන කියා සිටියේ විවිධ අදහස්ය. මෙය එක්වරම ග්‍රහලෝකයකින් කඩාපාත් වුණු කතාවක් යැයි සමහරු පැවසූ අතර, තවත් සමහරු කියා සිටියේ මෙය හදිස්සියේ සිහිනෙන් දැක, නින්දෙන් අවදි වී පැවැසූ කතාවක් ලෙසටය. කෙසේ හෝ මෙම කතාවට පෙර 2021 අප්‍රේල් 27 වැනිදා, රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ තහනමක් සඳහා වන යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, මෙම කැබිනට් පත්‍රිකාවේ මූලික අරමුණ ලෙස ප්‍රකාශයට පත්වූයේ, ශ්‍රී ලාංකික ජනතාව වසවිස සහිත ආහාර අනුභවයෙන් මුදා ගැනීම යන්නය. කෙසේ හෝ මෙම තහනම නිල වශයෙන් ස්ථාපිත වූ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටියේ, මෙය හදිසි තීරණයක් නොව මෙයට පෙර රජය විසින් සැලැසුම් කළ වැඩපිළිවෙළක් බැව්ය.

රසායනික පොහොර තහනමත් සමඟ රජය ගත් අනෙක් ප්‍රබල තීරණය වූයේ, මින් පසුව රට තුළ භාවිත කෙරෙන්නේ කාබනික පොහොර පමණක් බවත්ය. අද මෙම තීරණය ශ්‍රී ලංකාව කණපිට පෙරළන කතාවක් වී ඇති අතර, කෘෂි කර්මාන්තය උඩු යටිකුරු කරන වගතුගක් බවටද පත්වී ඇත. දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය රසායනික පොහොර භාවිතය මත යැපෙමින් සිටින විටදී, එය කෙසේ සැණෙකින් කාබනික පොහොර භාවිතය කරා යොමු කළ හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රතිශතයක් ලෙසය. මෙයට වසර 5කට ඉහතදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා වසරකට රසායනික පොහොර මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 4ක් පමණ අවශ්‍ය විය. එහෙත් දැන් මෙම 2021 ආසන්න කාලය වන විටදී එම ප්‍රමාණය වසරකට මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 12ක් පමණ වෙයි. එහෙත් මෙම ධාරිතාවය සඳහා කාබනික පොහොර භාවිත කිරීමට සිදුවුවහොත් එය තෙගුණයකින් ඉහළ යන අතර, එනම් කාබනික පොහොර මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 30ක් පමණ අවශ්‍ය වෙයි.

මේ ආකාරයට බලන විට අප රට තුළ කොරෝනා මාරයා කප්පරකට තම දස්කම් පෙන්වමින් සිටින විටදී, මෙලෙස ජනතාව මතට කඩාගෙන වැටුණු ‘පොහොර ගිනිගෙඩිය’ නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. කෘෂිකර්මය නොහොත් ගොවිතැන යනු රටක ආර්ථිකයේත් එරට ජනතාවගේත් පිටකොන්ද මෙන් යැයි සැලකිය හැකිය. එවන් වටපිටාවක් තිබියදී ඉතාමත් කෙටි කාලයක් තුළදී රට තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් කාබනික පොහොර භාවිතයක් සිදු කරන්නට යෑම මෙරට ගොවි ජනතාවට මරු පහරක් එල්ල කර ඇත. වසරකට මෙරට ගොවිතැන සඳහා කාබනික පොහොර මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 30ක් අවශ්‍ය වේ නම් මෙම සුවිශාල තොග සොයා ගන්නේ කෙසේද?

දැනට ශ්‍රී ලංකාව තුළ කාබනික පොහොර මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 03ක්වත් නිපදවෙන්නේ නැති බැව් ප්‍රකාශ වෙයි. ඒ අනුව බලන විට කාබනික පොහොර මෙරට කෘෂිකර්මය සඳහා සපයාගත හැක්කේ 1/10 (දහයෙන් එකක) පමණ ඉතා අල්ප ප්‍රමාණයකි. මේ තත්ත්වය නිසා පසුගියදා රජය ප්‍රකාශ කර සිටියේ, ඉදිරි මහ කන්නය සඳහා හෙක්ටයාර ලක්‍ෂ 05කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කරන බැව්ය.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර විශාල තොග ආනයනය කරන්නට යනවා යැයි පැවසීමත් සමග රට තුළ ඇති වූයේ තවත් ගිනි ජාලාවකි. එම කාබනික පොහොර තොග ආනයනය කිරීමේ කොන්ත්‍රාත් රජයේ පාලකයන්ට හිතවත් පුද්ගලයන්ට ලබා දීමට යන බවටද කරුණු ප්‍රකාශ විය. එසේම වෙනත් විදෙස් රටවලින් කාබනික පොහොර යැයි පවසමින් නොයෙකුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට සැලසුම් කරන බවත් ප්‍රකාශ විය. ඒ අනුව විවිධ පාරිසරික පාර්ශ්ව විසින් මෙම තීරණයන්ට එරෙහිව දැඩි විරෝධයද පළකරන ලදී.

එවැනි වටපිටාවකදී රජය විසින් කාබනික පොහොර ආනයන කතාව යම් පමණකින් හකුළාගෙන ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව තුළ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිෂ්පාදනාගාර ආරම්භ කරන බැව්ය. අනුරාධපුරය සහ පොළොන්නරුව තුළ ඇති ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 29කදී මෙසේ කාබනික පොහොර නිෂ්පාදනාගාර 29ක් ආරම්භ කිරීමටත්, දිවයිනේ අනෙකුත් තෝරාගත් ප්‍රදේශවලද එසේ නිෂ්පාදනාගාර ආරම්භ කරන බවත් ප්‍රකාශ විය. මේ සඳහා වහාම මුදල් ප්‍රතිපාදන වෙන්කරන බවත් රජය ප්‍රකාශ කළේය.

කෙසේ හෝ වත්මන් රජය පසුගිය මාසයකට අධික කාලයක් මෙවැනි විවිධ විසිතුරු කතා කියමින් සිටින්නේය. එහෙත් මෙම ජාතික අර්බුදයට මෙතෙක් නිසි විසඳුමක් ඇති වූ බවක් පෙනෙන්නට නැත. දැනට සති දෙකක පමණ කාලයක සිට මෙම පොහොර අර්බුදය දැඩි උත්සන්න තත්ත්වයකට පත්ව ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොවි ජනතා උද්ඝෝෂණ රැසක් ඇති වන ආකාරය දක්නට හැකිය. දැනට රට තුළ ගතවීගෙන යන්නේ ගොවිතැනෙහි ‘යල කන්නය’ වන අතර, තවත් මාස 04කින් ‘මහ කන්නය’ උදාවනු ඇතිය. එහෙත් දැන් ගොවීන් රාශියක් චෝදනා නඟන්නේ ‘මහ’ කන්නයේදී තබා මෙම ගෙවෙන ‘යල’ කන්නයට පවා ගොවිතැන් කිරීමට පොහොර නැති බැව්ය.

එනම් දැනට රට තුළට රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔවුහු දෝෂාරෝපණය කරති. දැනට රට තුළ ඇත්තේ රසායනික පොහොර සීමාසහිත තොගයක් බවත්, එම තොගවලින්ද යම් වැඩි ප්‍රමාණයක් වෙළෙන්දන් විසින් සඟවාගෙන ඇතැයිද මෙම ගොවීහු කියති. එසේම විකුණන පොහොරද මිල අධිකව විකුණන බවටද ඔවුහු චෝදනා කරති.

මෙම රජයේ රසායනික පොහොර තහනමත් සමග චීනයෙන් ආනයනය කරන ලද වී සහ එළවළු භෝග වගාවන් සඳහා වූ රසායනික පොහොර මෙටි්‍රක් ටොන් 18,000ක් දිවයිනට රැගෙන ආ නෞකාවක් නැවැත හරවා ඇරිය බවටද පසුගියදා පුවත් පළවිය. එසේම රසායනික පොහොර සහ අනෙකුත් රසායනික කෘෂි ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වන ණය වර ලිපි විවෘත නොකර ලෙසටත් රජය පසුගියදා බැංකු වෙත උපදෙස් ලබා දුන්නේය. තවද රසායනික පොහොර මෙරටට ආනයනය කරනු ලබන සමාගම් සියල්ලම තමන් ඇණවුම් කරන ලද සියලුම පොහොර තොග ආනයනයද අවලංගු කර දැම්මේය.

මේ ආකාරයට රජය පසුගිය සමීප කාලයක් පුරාම මෙම අර්බුදය තව, තවත් උත්සන්න වන අතට කටයුතු කළේය. මේ අනුව දැනට ගොවීන් පත්වී සිටින්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ‘ගන්ධබ්බ’ තත්ත්වයකට නොහොත් ‘අන්තර්බවික’ තත්ත්වයකටය. එනම් රසායනික පොහොරත් නැති, කාබනික පොහොරත් නැති කිසිදු ආත්මයක් නැති තත්ත්වයකටය.

‘දෙන දෙයක් දීපල්ලා, අපිව මරාගෙන කන්න එපා’ යැයි මේ දිනවල ගොවීහු කෑමොර දෙති. ගොවි ජනතාව සමග මේ වන විට ගොවි සංවිධාන රැසක්ද මෙම අරගලයට එක්වී සිටිති. ඔවුන් ගොවිබිම්වල සිට කෑගසන විට ජනාධිපතිතුමා තමන්ගේ කාර්යාලයේ සිට තම නිලධාරීන්ට කෑගසයි. ඒ කතා අසා සිටි මුඛවාඩම් දමාගත් නිලදරුවන් ජනාධිපතිගේ කාර්යාලයෙන් පිට වන්නේ සිහිය විකල් වීමෙනි. කෙසේ හෝ දැන් දිනෙන්, දිනම මේ තත්ත්වය බරපතළ වෙමින් පවතියි. රෝගයට ඉසිවරයෙක් හෝ ඖෂධයක් හෝ පෙනෙන තෙක් මානයක නැත. අද මේ ශෝචනීය තත්ත්වය යටතේ අද ගොවීහු දහස් ගණනක් තමන්ගේ ගොවිතැන් කර ගැනීමට නොහැකිව මහත් සේ අසරණව සිටිති.

ගොවි සංවිධාන නායකයන් රැසක් මේ වන විට පෙන්වා දී ඇත්තේ, තවත් මාස 04කින් උදාවන මහ කන්නයට කිසිදු පොහොර වර්ගයක් හෝ සොයා ගැනීමට නොහැකි වන බැව්ය. රසායනික පොහොර ලබා ගැනීමට නොමැතිනම් මාස 04ක වැනි කෙටි කාලයකදී කාබනික පොහොර ලබාගන්නේ කෙසේ දැයි ඔවුහු ප්‍රශ්න කරති. එසේ පොහොර නොමැති වුවහොත්, ගොවීන්ගේ ආදායම් අතිශය දරුණු ලෙස පහත වැටී ඔවුහු සියදිවි හානිකර ගනු ඇතැයිද අනතුරු හඟවති.

ඉදිරි මහ කන්නයේදී මෙසේ පොහොර හිඟවී ගොවීන්ගේ ආදායම් පහත වැටිය හැකිය යැයි ප්‍රකාශ වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවත් අපූරු කතාවක් කීවේය. ඔහු පසුදිනම වහා ප්‍රකාශ කර සිටියේ, එසේ ආදායම් පහත වැටෙන ගොවීන්ට එම අලාභයන් සියල්ල රජයේ විදයමින් ගෙවන බැව්ය. මෙය හදිසියේම ‘පොහොර නාටකයේ’ පෙර පිටපතට පසුව එක්වූ දෙබසකි. පසුගිය කාලය පුරා මෙම නාටකය මෙසේ ගලාගෙන යන අතරතුරදී වේදිකාවට හදිසියේම කඩාගෙන පැන්නේ ඉන්දියාවය.

ඉන්දියාව නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කාබනික පොහොර අර්බුදය විසඳීමට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ විශාල කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ඇරැඹීමට ඉන්දියාව කටයුතු කරන බැව්ය. ‘ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල්’ යැයි කිව්වා සේ ඉන්දියාව දැන් මෙම හුටපටයටද ඔළුව දමා ඇත. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාව තුළ කාබනික පොහොර, තොග වශයෙන් නිෂ්පාදනය කරන සමාගම් 27ක් ඇත. එහෙත් මේ කිසිවකින්වත් නිපදවන කාබනික පොහොර තොග, මෙරට දැනට රටට අවශ්‍ය වනවා යැයි කියන මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 30ක සුවිශාල ප්‍රමාණය මායිමටවත් පැමිණිය නොහැක.


ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ගිනි ජාලාවක් බවට පත්වී තිබෙන මෙම ‘පොහොර මාරකය’ ගැන ඉතාමත් හරවත් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ, දැනට ශ්‍රී ලංකාවේ සිටින කෘෂිකර්මාන්තය පිළිබඳ හසළ විද්වතකු වන, සබරගමුව විශ්වවිiාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මහතා විසිනි. ඔහුගේ වදනින් එය මෙසේය.

‘රසායනික පොහොරෙ විෂ සහිත වන අතර, කාබනික පොහොර එසේ නොවන්නේ යැයි සමාජයේ යම් මතයක් තිබෙනවා. එහෙත් එය නිවැරැදි නැහැ. ගුණාත්මක බවින් අඩු රසායනික පොහොර මෙන්ම, ගුණාත්මක බවින් අඩු කාබනික පොහොරද එලෙසම විෂයි. නිවැරැදි කාබනික කෘෂිකර්මය ඉතාමත් යහපත් ක්‍රියාවලියක්, එහෙත් එයින් වැඩි වන විශාල ජනගහනයකට ආහාර සැපැයීම කළ හැකිද යන්න ප්‍රශ්නයක් වෙනවා. රසායනික පොහොරවල මූලද්‍රව්‍ය ඉතාමත් ඉක්මනින් ශාකයට අවශෝෂණය කරගත්තත්, කාබනික පොහොරවල මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කර ගැනීමට වැඩි කාලයක් යනවා.

එසේම කාබනික පොහොර සඳහා දරන්නට වන වියදමත් ඉතා වැඩියි. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තයේ ආනයනික බාල වර්ගයේ රසායනික පොහොර අධි ප්‍රමාණවලින් දැමීමෙන් විශාල හානියක් සිදුවී තිබීමද සත්‍යයක්. එසේම ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ ඇති කාබනික පොහොර වර්ග බොහොමයක්ම අඩු ප්‍රමිතියක ඒවායි. ඒවා භාවිත කිරීමෙන් අනාගතයේදී විශාල විනාශයක් පවා සිදුවීමට ඉඩ තිබෙනවා. දැනට නගරසභා බලප්‍රදේශවලින් ඉවත ලන කසළවල බොහෝ විට ‘බැර ලෝහ’ රාශියක් අඩංගු වෙනවා. මේවා කොම්පෝස්ට් ලෙස පසට එකතු වුවහොත් සිදුවන හානිය තවත් විශාලයි.

පිලිපීනය වැනි රටවල කාබනික පොහොර ලෙස යොදන්නේ ගැඩවිලුන් මගින් නිපදවන Vermy Compost යන කාබනික පොහොර වර්ගයක්. එය පසට ඉතාම හිතකරයි. නිවැරැදි මාත්‍රාවට රසායනික පොහොර යොදන්නේ නම් එයින් හානියක් වන්නේ නැහැ. රසායනික පොහොරවලට වඩා අප විසින් වඩාත්ම බැහැර කළ යුත්තේ ඉතාමත්ම අධික විෂ සහිත කෘමි නාශක, වල්නාශක සහ දිලීර නාශක වැනි කෘෂි රසායන නිෂ්පාදනයන් වෙනවා’ යැයි මහාචාර්යවරයා අපූරු මතයක් ප්‍රකාශ කර සිටියේය.

–ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බ්‍රිතාන්‍යයට ගහන්න ලංකාව චීනෙත් එක්ක අස්සන් කරයි!

Next Post

ඉන්ජෙක්ෂන් දෙකම ගහපු සංචාරකයන්ට රටේ ඕන තැනක යන්න පුළුවන්!

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.