පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසයි.
කෙසේ නමුත්, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම, සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට ලියවිල්ලකින් සහතික කළ යුතු බවද සංචාරක අධිකාරිය පවසයි.










