• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුමා සුම්මා!

July 14, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සුමා සුම්මා!
Share on WhatsAppShare on Facebook

සුමා මුළු මානව සංහතියටම අවමානයක්…
සුමා සහ පුටින්ගේ රහසිගත ගනුදෙනුව වහා නතර කරනු…
කසාද හයක්, ළමයි විස්සක්…

කුමක්ද මේ මහා ඝෝෂාවකින් ඇසෙන සටන් පාඨයන් පෙළ? මෙය අපේ රටේ උද්ඝෝෂණයක්ද?
නැත… නැත… කලබල නොවී සිටින්න. මෙය අපගේ ගෝඨාභය – මහින්ද උද්ඝෝෂණයක් නොවේ. මෙය ‘සුමා’ නමැති මිනිසාට එරෙහිව මෙයට වසර 04කට පමණ ඉහතදී නැඟුණු මහා උද්ඝෝෂණයකි. ඔහු කවුද? ජැකෝබ් සුමා යනු මෙයට පෙර දකුණු අප්‍රිකාවේ සිටි ජනාධිපතිවරයායි. ඔහු එරට ජනාධිපති ධුරයට 2009 මැයි සිට 2018 පෙබරවාරි දක්වා නොකඩවා වසර 09ක් කටයුතු කළේය. ලොව අතිශය කීර්තිමත් සහ ප්‍රවීණ ජන නායකයකු වන හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පාලනයෙන් පසුව එරට 04 වැනි ජනාධිපති ධුරයට පත්වූයේ ජැකොබ් සුමාය.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළමු වැනි ජනාධිපතිවරයාය. 80%ක් කළු ජාතීන් වෙසෙන දකුණු අප්‍රිකාවේ පාලනය සියවස් ගණනක සිට තිබුණේ සුදු ජාතික පාලකයන් යටතේය. එකල තිබුණු එම දරුණු වර්ණ බේදවාදී අරගලය පසු කාලයකදී ජයග්‍රහණය කළේද නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා විසිනි. වසර ගණනාවක් එකල සිටි සුදු පාලකයන්ගේ සිරගෙවල්වල සිරබත් කමින් ඔහු එම ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට ලබා දුන්නේය. එවැනි වටපිටාවක් තිබුණු දකුණු අප්‍රිකාවේ මෙලෙස ජැකෝබ් සුමා නමැති ජනාධිපතිවරයාට ජනතාවගෙන් එල්ල වූ ගල්මුල් ප්‍රහාරය කුමක්ද? ජැකොබ් සුමා 2009 වසරේදී ජනාධිපති ධුරයට පත්වන්නේ රටේ මැතිවරණයන් ජයග්‍රහණය කිරීම මගිනි. එසේ මහජන ඡන්දයෙන් පත්වන ඔහු, නැවැත වසර 5කට පසුව 2014 දී නැවැත මහජන ඡන්දයෙන් තවත් වසර 05කට එරට ජනාධිපති ධුරයට පත්වෙයි.

එම ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2019 වසරේදීය. එහෙත් කෙසේ හෝ 2018 පෙබරවාරි මාසය වන විටදී ඔහුට තම ධුර කාලයට වසරකට පෙරදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. ජැකොබ් සුමා තමන්ගේ ජනාධිපති ධුර පාලනයේ මුල් කාලයේදී බොහෝ ජනතාව අතර ප්‍රශංසාවට පත්ව රටේ පාලනය සිදුකරගෙන ගියේය. එහෙත් ඔහුගේ දෙවැනි වර පාලන කාලයෙන් පසුව ඔහුට බොහෝ චෝදනා එල්ල වන්නට ගත් අතර, විවිධ පාර්ශ්ව සහ ජනතාවගේද දැඩි දෝෂාරෝපණයන්ට ලක්විය. මේ නිසාම ඔහුට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් ඇති වී 2018 පෙබරවාරි 14 වැනිදා ජැකෝබ් සුමාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට සිදුවූයේය.

මෙය ජැකෝබ් සුමා නමැති රාජ්‍ය පාලකයාගේ වත්මන් කතාවෙන් ඉතා කෙටි පරිච්ඡේදයක් පමණි. එනම් මෙම ලිපියේ මුලින් ඔබට ලියා තැබූ දකුණු අප්‍රිකානු ජනතාවගේ අතිශය ප්‍රබල සටන් පාඨ මගින් ඔබට එම අර්බුදය යම් පමණකින් වටහාගත හැකිය. පොදු ජනතාවගේ එම නැඟිටීම 2017 වසරේ අප්‍රේල් මාසයේ සිට 2018 වසරේදී ජැකෝබ් සුමා තම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන තුරුම පැවැතියේය. දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම නගර වන කේප්ටවුන්, ජොහැන්නස්බර්ග්, ඩර්බන්, ප්‍රිටෝරියා සහ තවත් ප්‍රාදේශීය නගර රැසකදී මෙම ජන උද්ඝෝෂණයන් පැවැත්විණි. විවිධ දේශපාලනික පාර්ශ්ව සහ ජනතාව මෙම විරෝධතාවයන් දියත් කළේ, ජැකෝබ් සුමා ජනාධිපතිවරයා විසින් සිදු කළා යැයි කියන විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතා රැසක් හේතු කරගෙනය. එම වගතුග ඉතා දීර්ඝ එකක් වුවද, එම චෝදනාවන් යමක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

■ ප්‍රංශය සහ බටහිර රටවල් කිහිපයකවූ අවිආයුධ සමාගම් කිහිපයක් සමග, ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක පමණ අවිආයුධ ජාවාරම් සිදුකිරීම.
■ තමන්ට පාක්‍ෂික රාජ්‍ය උසස් නිලධාරීන්ද සහභාගි කරවාගෙන රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සහ වංචා කිරීම, මෙවැනි සිදුවීම් රැසක චෝදනා ඔහුට එල්ලවී ඇත.
■ තමන්ට එරෙහි වන රාජ්‍ය නිලධාරීන් මර්දනය කිරීම සහ ඔවුන්ට එරෙහිව දඬුවම් පැමිණවීම.
■ දකුණු අප්‍රිකානු නාවික හමුදාවට යුද නාවික යාත්‍රා මිලදී ගැනීමේදී එහි ජර්මානු ජාතික සැපැයුම්කරුගෙන් සුවිශාල අල්ලස් මුදල් (කොමිස් මුදල්) ලබා ගැනීම.
■ තමන් අයුතු ලෙස උපයාගත් ධනය වෙනත් විදෙස් රටවල්වලදී ‘මුදල් විශුද්ධිකරණයට’ පත්කිරීම.
■ විදෙස් ආයෝජකයන් විසින් ආයෝජන සිදුකිරීමේදී මූල්‍යමය වාසි තමන්ට ලබා ගැනීමට කටයුතු කිරීම.

කෙසේ හෝ මෙලෙස පසුගිය වසර ගණනාවක් පුරාම දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජැකෝබ් සුමාට එරෙහිව එම රට තුළ අධිකරණයන්හි ගොනුවී තිබෙන චෝදනාවන් ප්‍රමාණය 700කට අධිකය. එසේම විභාග කරනු ලබන නඩුහබද රැසකි. කෙසේ හෝ ඔහු මෙම නඩුහබවලට තමන්ගේ ප්‍රබල නීතිඥ කණ්ඩායම් පිටින් යොදවා ගනිමින් නීතියෙන් විවිධ අයුරින් ගැලවෙමින් සිටියේය. 2018 පෙබරවාරි මාසයේදී තමන්ට ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසුව 2020 පෙබරවාරි මාසය දක්වාම ඔහු තමන්ට එරෙහි නඩුහබවලින් දඬුවම් නොලැබ සිටියේය. එහෙත් 2020 පෙබරවාරි 03 වැනිදා දකුණු අප්‍රිකානු මහාධිකරණය නියෝගයක් නිකුත් කළේ ජැකෝබ් සුමා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

කෙසෙල් ගසට කොට, කොටා යන කොට්ටෝරුවාගේ හොට පැටලෙන වෙලාවක් ඇතැයි’ කියමනක් තිබේ. ඒ ආකාරයට ජැකෝබ් සුමාද නීතියේ රැහැනට හසු වන්නට යන අයුරු දක්නට හැකි විය. සුමා මෙම පිරිස්වල සහයෝගය සහ තමන්ගේ ප්‍රබල නීතිඥ කණ්ඩායම්වල සහායද ඇතිව නීතිය මගහරිමින් සිටියේය. තමන්ගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණයන් පවා ලබා ගත්තේය. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් තිබියදී රජයද ප්‍රකාශයට පත්කළේ ජැකෝබ් සුමාට රාජ්‍ය විමර්ශන කොමිසමක් පත්කර ඔහුට එරෙහි චෝදනාවන් ගැන විමර්ශනයක් සිදුකරන බැව්ය.

ඒ සඳහා සුමාගේ සහභාගිත්වය අත්‍යාවශ්‍ය හෙයින් ඔහුට අදාළ දිනවලදී එහි පැමිණ රාජ්‍ය කොමිසම ඉදිරියේ සාක්‍ෂි දීමට දන්වා සිටියේය. එහෙත් සිදුවූයේ අපූරු දෙයකි. මෙම රාජ්‍ය කොමිසමට වෙනත් කවුරුන් සහභාගි වුවත්, සුමා එම කොමිසම පැත්ත පලාතකවත් ගියේ නැත. මේ ආකාරයට ඔහු වසරකට අධික කාලයක් ප්‍රධාන නගරවලින් දුර බැහැර වූ තමන්ගේ උපන් ගම් ප්‍රදේශයේ නිවෙසෙහි ගතකළේය. තමන්ට පාක්‍ෂික කණ්ඩායම්ද නිරන්තරයෙන් ඔහු වටා ගැවසෙමින්ද සිටියේය.

ජැකෝබ් සුමාගේ මෙන්ම, අපගේ මෙම කතාවෙහිද සංක්‍රාන්තිය පැමිණෙමින් තිබෙන්නේ මේ වන විටය. කාලය දිනෙන් දින ගෙවී ගොස් පසුගිය 2021 ජුනි 29දා එළැඹියේය. දකුණු අප්‍රිකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම අසන්නට ලැබුණේ අපූරු පුවතකි. එනම් දකුණු අප්‍රිකානු මහාධිකරණය වහා නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ, ජැකෝබ් සුමාට මාස 15ක සිර දඬුවමක් පනවා ඇති බැව්ය. එම තීන්දුව ගැනීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් නඩු විභාගයක්ද පවත්වා ඇත. එහෙත් මේ කිසිදු අවස්ථාවකදී ජැකෝබ් සුමා දන්නා මායිමක නොසිටියේය. කෙසේ හෝ අවසානයේදී මෙම උසස් විනිශ්චය මණ්ඩලය තීරණය කළේ, මෙතෙක් වසරකට අධික කාලයක් අධිකරණය පැහැර හැරීම නිසා සුමා වහාම අල්ලා මාස 15ක සිරදඬුවමක් සඳහා සිරගෙට යැවීමටය.

‘හොඳ හොඳ නැටුම් ඇත්තේ එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ නියම නාඩගම පටන්ගන්නේ මෙතැන සිටය. දකුණු අප්‍රිකානු පොලිස් නිලධාරීන් ජැකෝබ් සුමා අල්ලා ගැනීම සඳහා ඔහුගේ උපන්ගම් ප්‍රදේශය වන එන්කන්ඩ්ලා (භන්බාක්) වෙත පිටත්ව ගියේය. එහි ගිය නිලධාරීන්ට දක්නට හැකි වූයේ ත්‍රාසජනක දසුන් පෙළකි. එනම් සුමාගේ නිවෙස පිහිටි ප්‍රදේශය සිය ගණනක ජනතාවගෙන් පිරීගොස් තිබිණි.

මේ පිරිස කවුදැයි ආරක්‍ෂක අංශ අවබෝධ කර ගත්තේය. ජැකොබ් සුමාට පාක්‍ෂික පිරිස් ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මිනිස් පළිහක් මෙන් සැදී ඔහුගේ නිවෙස සහ අවට භූමිය වටකරගෙන සිටියේය. ඔවුන්ගෙන් සමහර පුද්ගලයන් අත විවිධ ගිනි අවි තිබුණු අතර, තවත් පිරිස් අත අප්‍රිකානු සාම්ප්‍රදායික කෙටේරි, මන්නා ආදිය විය. කෙසේ හෝ පොලිසියද එහි ආයුධ සන්නද්ධව ගියද, එක්වරම පාක්‍ෂික පිරිස් සමග අරගලයක් ඇතිකර ගැනීමෙන් වැළකී සිටියේය.

කෙසේ හෝ මේ වන විට කලහකාරී පිරිස් සමහරක් තම ආයුධවලින් අහසට වෙඩි තබමින්ද සිටියේය. එහෙත් ආරක්‍ෂක අංශ කිසිදු ගිනි අවියක් හෝ ක්‍රියාත්මක නොකළ අතර, තමන්ට ලැබී ඇති නියෝගය ගැන පමණක් ප්‍රකාශ කර සිටියේය. මේ තත්ත්වය යටතේ ජැකෝබ් සුමා නිවෙසින් එළියට පැමිණ තම පාක්‍ෂික පිරිස් සහ ආරක්‍ෂක අංශ පිරිස් අමතා ප්‍රකාශනයක් සිදුකළේය. කෙසේ හෝ ඒ වන විටද ඔහු අසලකට හෝ ආරක්‍ෂක අංශවලට යෑමට නොහැකි වන සේ ඔහුගේ පාක්‍ෂික පිරිස් මිනිස් පළිහ සාදාගෙන සිටියේය. ශබ්ද විකාශයෙන් ඔහු මෙසේ කියන්නට ගත්තේය.

කිසිදු සාධාරණ නඩු විභාගයක් නැතිව අධිකරණය විසින් මාව තළාපෙළා දමා මට සිර දඬුවමක් නියම කර තිබෙනවා. දකුණු අප්‍රිකාව නැවැත වර්ණභේදවාදී පාලන ක්‍රමයකට යන බවයි මෙයින් පෙනෙන්නේ. පොලිසිය ඇවිත් මා මෙහිදී අත්අඩංගුවට ගත්තොත් විශාල කලබලයක් සිදුවේවි. මේ ඉන්න පිරිස් ඔවුන් සමග ගැටෙනවා ස්ථිරයි. මට ඒක වළක්වන්න බැහැ. මම සිරගෙට යන්න බිය මිනිහෙක් නෙවෙයි. ඒත් මෙහි සාධාරණයක් නැහැ. අනෙක මාගේ වයසේ හැටියට (අවුරුදු 79) මෙම කොරෝනා වසංගත වෙලාවේ මාව සිරගෙට යැවීම මට මරණ දඬුවම කළා හා සමාන දෙයක්. මෙවැනි සිදුවීම් නිසා දකුණු අප්‍රිකාව නැවැත ආපස්සට යනවා.

සියලුම දෙනාට නීතිය සමාන වෙන්න ඕනෑ. නඩු විභාගයක් නැතිව සිර දඬුවමක් දෙන්න අධිකරණයට පුළුවන්ද? මම මගේ නීතිඥ කණ්ඩායම් සමග මේ අසාධාරණය වෙනුවෙන් සටන් කරනවා. අද මේ රටේ විනිසුරුවරුන් පවා වර්ණභේදවාදී පාලකයන් බවට පත්වෙලා. ඔවුන්ගෙන් නිසි සාධාරණය ඉටු වන්නේ නැහැ.’
මේ ආකාරයට ජැකෝබ් සුමා තමන් නිර්දෝෂී යැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදීන් ඉදිරියේදීද තම වේගවත් කතාව පවත්වා ඇත.

කෙසේ හෝ දැනට දකුණු අප්‍රිකාවේ බොහෝ පාර්ශ්ව සහ බහුතර ජනතාව ප්‍රකාශ කර සිටින්නේ, ජැකෝබ් සුමාට අනිවාර්යයෙන්ම සිරදඬුවමක් නියම කළ යුතු බැව්ය. තත්ත්වය එසේ වුවද සුමාගේ නීතිඥ කණ්ඩායම් විසින් ඉහත සිර දඬුවම නියම කිරීමෙන් පසුව නැවැත අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙයට දින තුනකට පමණ පෙර අධිකරණය තීරණය කර ඇත්තේ, මෙම 2021 ජූලි 12 වැනිදා සුමාගේ අභියාචනය විභාගයට ගැනීමටය. ඒ හෙයින් දැනට ඔහුගේ අත්අඩංගුවට ගැනීම යම් පමණකට ප්‍රමාද වී ඇත. සුමා තමන්ගේ නීතිඥ කණ්ඩායම් සඳහා ඉතාමත් අධික, අසීමිත මුදල් ප්‍රමාණයක් ගෙවමින් හැමවිටම නඩුහබවලින් ගැලවීමට උත්සාහ දරන බැව් චෝදනා නැඟෙයි. එය සත්‍යයක් බවට සනාථ වන්නේ මෙවරද ඔහු තම දඬුවම්වලින් තාවකාලික හෝ ගැලවීම සිදුකළ බැවිනි.

නොයෙක් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසකට චෝදනා ලබන දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජැකෝබ් සුමාට එරෙහිව එල්ල වන තවත් අපූරු චෝදනාවක්ද ඇත. එය නම් ස්ත්‍රී දූෂණයයි. දැනට 79 වැනි වියෙහි පසුවන සුමා මෙම සිදුවීම ඇතිවන කාලයේදී 63 වැනි වියෙහි පසුවී ඇත. එනම් එකල ඔහු තමන්ගේ හිතවත් දේශපාලනික මිතුරකුගේ 31 හැවිරිදි දියණියක් බලෙන් දූෂණය කර ඇත. මෙය සිදුවී ඇත්තේ 2005 වසරේදී ජැකෝබ් සුමා දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ධුරය දරමින් සිටින විටදීය. තමාගේ දුරබැහැර ප්‍රදේශයක ඇති පුද්ගලික නිවෙසක් වෙත ඇය කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇත. එසේ ස්ත්‍රී දූෂණයට එරෙහිවද ඔහුට නඩුවක් පවරා තිබිණි.

එහෙත් එම සිදුවීම සම්පූර්ණ අසත්‍යයක් යැයි සුමා එකල ප්‍රකාශ කළේය. කෙසේ හෝ ජැකෝබ් සුමා යනු දැඩි ස්ත්‍රී ලෝලියකු බැව් ප්‍රකටය. ඔහු මේ වන විට බිරින්දෑවරුන් 06 දෙනෙකු විවාහ කරගෙන ඇති අතර, එම කසාදවලින් ඔහුට දරුවන් 20 දෙනෙක් සිටිති. මේ සියලුම කාන්තාවෝ ඔහුට වඩා වයස අවුරුදු 25ට අඩු අය වෙති. එනම් තමන්ගේ දියණියන් හා සමාන තරුණ යුවතියන්ය. කෙසේ හෝ සුමාගේ ඉරණම තීරණය වන්නේ හෙට 12 වැනිදාය.

ජැකොබ් සුමා පොලිසියට බාරවෙයි!

මෙම ලිපිය ඔබට ලියා තබා සුළු වේලාවකට පසුව, එනම් අද ජූලි 08 වැනි බ්‍රහස්පතින්දා දහවල් වන විට ආරංචි වූයේ, දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජැකොබ් සුමා තම ස්වකැමැත්තෙන්ම පොලිසියට බාර වූ බැව්ය. එසේම මෙයට දින කිහිපයකට ඉහතදී තමන්ට දකුණු අප්‍රිකානු මහාධිකරණය විසින් නියම කරන ලද මාස 15ක සිර දඬුවම තමන් පිළිගැනීමට කැමැති බවත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව සුමා තමන්ගේ උපන් ප්‍රාන්තයේම වූ සිරගෙයක් වූ ‘එස්ට්කෝට් විශෝධන මධ්‍යස්ථානය’ වෙත පිටත්කර හරින ලදී. ඔහුගේ බාරවීම සඳහා ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රථ පෙරහරකින් උපන් නිවෙසේ සිට පැමිණ ඇත. ජැකොබ් සුමා මෙයට පෙර සුදු අධිරාජ්‍යවාදී පාලන සමයේදී, හිටපු ජනාධිපති සහ ‘දකුණු අප්‍රිකාවේ පියා’ ලෙස සැලකෙන නෙල්සන් මැන්ඩෙලා සමග වසර 10ක් ‘රොබොන්’ දූපතේ සිරගෙයක සිරබත් කෑවේය.

–ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රන්ජන්ට හිටපු තැනත් නැතිවෙයි!

Next Post

ගෝඨා ක්‍රිකට් ලොක්කන් හමුවීම කල් දමයි

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.