අද (04) කොළඹට කැදවූ ශ්‍රීලනිපයේ සියලුම ආසන සංවිධායකවරුන්ටද ජනාධිපතිවරයා විසින් සිය මාධ්‍ය ඒකකයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයම ලබා දීමට කටයුතු කොට ඇත.
ඒ අනුව අද පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී කිිසිවක් ප්‍රකාශ කොට නොමැති ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න හතරට පිළිතුරු ලබා දෙන ලෙස දැනුම් දී ඒ ආසන්නයේ පෙට්ටි කිහිපයක් තැබීමට කටයුතු කොට ඇත.
එහිදී රැස්ව සිටි බොහෝ ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා ශ්‍රීලනිපයෙන් තරග කළ යුතු බවට වූ ප්‍රශ්නයට ‘හරි’ ලකුණ දමා ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඔවුන්ට අදහස් දැක්වීමට දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතු බවට බහුතරයක් ප්‍රකාශ කොට ඇති බව ද වාර්තා වේ.










