ශ්‍රීලනිපයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (04) දිනයේදී ජනාධිපති මන්දිරයට කැදවීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.
හෙට දහවල් 12.00ට පැවැත්වෙන මෙම විශේෂ රැස්වීමේදී ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයට තරග වදින ලෙසට ඉල්ලා යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කොට ඇති බව ශ්‍රිලනිප ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම කියා සිටියේ තමන් යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි කියාය.










