හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවෙසේ අවුරුදු 16ක බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ තබා ගැනීම සම්බන්ධයෙන් ළඹා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
මෙම දැරිය බරපතළ පිලිස්සුම් තුවාල සහිතව මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
මෙම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙම දැරිය හැටන් ප්‍රදේශයේ අයකු බවද මේ වනවිට වාරතා වී ඇත.










