ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද (03) දිනයේදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට යාමට නියමිත බව දැනගන්නට ඇත.
යම් හෙයකින් රාජපක්ෂ පාර්ශ්වය පොහොට්ටු සලකුණ අත්හැරීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගෙන තිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
එසේ වුවහොත් යළිත් මෛත්‍රිපාල සිරිසේන මහතාම තරග කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.










