චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන කොරෝනා සිනොවැක් එන්නත ලංකාවේ භාවිතය සදහා මෙතෙක් ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුව මගින් අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වේ.
එහි කමිටු සාමාජික ආචාර්ය රජීව ද සිල්වා මහතා අදහස් දක්වමින් පැහැදිලි කළේ අනුමැතිය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබදව දැන්ම කිසිවක් කිව නොහැති බවකි.
එම කමිටුව විසින් එම එන්නත නිෂ්පාදකයාගෙන් එන්නත පිළිබදව වැඩි දත්ත ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
මෙම එන්නතෙහි තුන්වන අදියර අත්හදා බැලීමට අදාළ දත්ත කමිටුව විසින් නිෂ්පාදකයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් දැනට එන්නත් මිලියන 33ක් ලංකාව විසින් ඇනවුම් කර ඇති අතර එය සමස්ත ජනගහනයෙන් 60%ක ප්‍රමාණයක් බවත්, ඒ හේතුවෙන් සිනොවැක් එන්නතේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවත් දැනගන්නට ඇත.










