අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ අත්අඩංගුවට පත් අය අතර, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ ව්‍යාපාරිකයෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව එම දැරිය අපයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ගලයින් 21ක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.
දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක් ද ඊයේ දිනයේ අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් තිදෙනා අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










