• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාරා ජීවතුන් අතරද නැද්ද? බොරු කියන්නේ ඇමතිද-නිලධාරීන්ද-කොමිසමද? CID SPECIAL

June 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සාරා ජීවතුන් අතරද නැද්ද? බොරු කියන්නේ ඇමතිද-නිලධාරීන්ද-කොමිසමද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

“සාරා කියන කාන්තාව ජීවත්වෙලා ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව තාම ස්ථිර නැහැ. මොකද ඇය ජීවත්වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධීයි සාවද්‍යයි කියලා ඔප්පුවෙලා තියෙනවා. ඒ හින්දා දැනට ඒ DNA අපි පරීක්ෂා කළා දෙපාරක්. තව පාරක් නැවත වරක් මළසිරුරු ගොඩ අරගෙන පරීක්ෂා කරන්න නීතිමය සහාය ඉල්ලලා තියෙනවා. ඉතිං සාරා ජීවත් වෙනවා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම සනාථ වෙලා නෑ.”

“දෙවැනි එක තමයි සහරාන්ගෙ බිරිඳ හාදියාව සී.අයි.ඩී. එකෙන් මං හිතන්නෙ දවස් ගණනාවක්ම ඇයගෙන් ප්‍රශ්න කරලා තියෙනවා, ඇයගෙන් තොරතුරු ලබාගෙන තියෙනවා, අර බෝම්බය තිබ්බ ත්‍රස්තවාදියා සමග බුද්ධි නිලධාරීන් හිටි බවට මට නම් කිසිම සාක්ෂියක් නෑ. ඒක බොහෝ වෙලාවට ඔය මිනිස්සු කියන ඕපාදූප එකක් වෙන්න ඇති. නමුත් ඒවායෙ තියෙනවා නම් ඔහුවත් දැනට අපි කටයුතු කරලා ඇති. මොකද මේකෙ කිසිම සැකකරුවෙක්ව හංගන්න මේ රජයට කිසිම වුවමනාවක් නෑ.”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක තැනැත්තියක් බවට පත්ව සිටින මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ සාරා ජෙස්මින් නැමැත්තිය ජීවතුන් අතරද යන පැනයට අපේ රටේ පොලීසිය භාර ඇමැතිවරයාගේ පිළිතුර වී ඇත්තේ එවැන්නකි. ඔහු කියන ආකාරයට අනුව නම් සාරා ජීවතුන් අතර නැත. ජීවතුන් අතර යැයි කියන කතාව ඕපාදූපයකි. මේ කතාව කියන්නේ එක අතකින් පොලීසිය භාරව සිටින සාම්ප්‍රදායක අටපාස් ඇමැතිවරයෙක් නොව, වියත් මගෙන් පසුගිය මහ මැතිවරණයට තරග කර කොළඹින් අංක එකට පත්වූ ආචාර්යවරයෙකි.

සාරා මියගියේද, ජීවත්ව සිටින්නේද යන්න ගැන ප්‍රශ්නාර්ථය ඇතිවන්නේ අම්පාර සයින්දුමර්දු පිපිරීමෙන් අනතුරුවය. පිපිරුම සිදුවන විට සාරා එම නිවෙසේ සිටියේ යැයි කියැවිණි. කටුවාපිටිය දේවස්ථානයට එල්ලකළ මරාගෙන මැරුණු බෝම්බකරුගේ බිරිඳ ඇයය. සුදු ඇඳුමින් සැරසී දෙවැනි ප්‍රහාරයකට බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ව සූදානම් කරනු ලැබුවේ ඇය බව එකල මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ඒ විමර්ශන අංශ උපුටා දක්වමිනි. එදා ඒ සයින්දුමර්දු නිවෙසේ බෝම්බ පිපිරීමෙන් අනතුරුව ඒ ස්ථානය පොලීසියේ සොකෝ කණ්ඩායමේත්, රජයේ රස පරීක්ෂකවරයාගේ කණ්ඩායමකටත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ කණ්ඩායමේත් සියුම් පරීක්ෂාවකට ලක්විය. ඒ අය මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අය මිස හයක් හතරක් නොදන්නා දරුවන් නොවේ. ඒ අයට මෙවැනි විමර්ශනයක් කළයුතු ආකාරය ගැන උපදෙස් දෙන්න්ටද අවැසි නැත. ඒ අය එදා ඒ පිපුරුමෙන් මියගොස් සිටි සෑම පුද්ගලයෙක්වම වෙන වෙනම හඳුනාගත්තේය. ඊට ඩී.එන්.ඒ. පරීක්ෂාවක්ද යොදා ගත්තේය. එම ඩී.එන්.ඒ පරීක්ෂණය සඳහා යොදාගනු ලැබුවේ එම පිපිරුම වූ නිවෙසින් සොයාගත් මළ සිරුරුවල ජෛව සාම්පල්ය. කැබලි වී ගිය සෑම සිරුරු කොටසකින්ම සාම්පල් ලබාගත්තේය. අත දරුවන්ගේ පවා සිරුරු කොටස් එහි විය. අවසානයේ ඩී.එන්.ඒ. වාර්තාවට අනුව සාරා එහි නොවීය. සාරා ගැන යම් සැකයක් ඇතිවන්නේ එවිටය. සිරුරේ බෝම්බ බැඳගෙන සිටි අයගේත් සිරුරු කොටස් එහි තිබුණි නම් සාරාගේ සිරුරු කොටසක්වත් නොතිබෙන්නට වාෂ්ප වන්නට කිසිසේත්ම ඉඩක් නැත. එසේ නම් වාෂ්ප විය යුත්තේ අත දරුවන්ගේ සිරුරුය. මේ තත්ත්වය මත නැවතත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඒ සිරුරු ගොඩගත්තේය. එවර එහි වූ සිරුරුවලින් ඇට කැබැලි වෙන්කර ඒ ඇට කැබලිවලින් ඩී.එන්.ඒ. පරීක්ෂාවන් සඳහා සාම්පල් ලබාගත්තේය. එම වාර්තාවට අනුවද එහි සාරාගේ ගැළපීමක් නොවීය. ඒ අනුව පැහැදිලි වූයේ සාරා ඒ කණ්ඩායමේ මියගිය අය අතර නැති බවය.

එසේ තිබියදීත් අපේ පොලීසිය භාර ඇමැතිතුමා කියන්නේ සාරා ජීවතුන් අතර සිටින්නේ යැයි කීම ඕපාදූපයක් බවය. මේ ඕපාදූපය ඇමැතිවරයාට කීවේ කවුරුන්දැයි ඔහු කියන්නේ නැත. ඒ වෙනුවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් උත්සහ ගන්නේ නැවත ඒ අයගේ සිරුරු ගොඩගෙන ඩි.එන්.ඒ. පරීක්ෂාවක් තුන්වැනි වතාවටත් කරන්නටය. ඒ මළසිරුරු වෙන්කිරීමේදී මුල් අවස්ථාවේදී ගැටලුවක් වී ඇතැයි ඔහුට කවුරුන් හෝ ලබාදුන් වැරදි තොරතුරක් පදනම් කරගෙනය. අධිකරණ වෛද්‍යවරුන් අතින් මෙවන් සිදුවීමකදී මේ ආකාරයේ බරපතළ අත්වැරැද්දක් සිදුවන්නට ඉඩ තිබේ දැයි වියත් මගේ ඇමැතිවරයෙක් වන ඔහු විචක්ෂණශීලීව විමසා බැලිය යුතුය. අධිකරණ වෛද්‍යවරයාට යම් වැරදීමක් සිදුවූයේ නම් ඒ පළමු අවස්ථාවේ සිදුවූවත් දෙවැනි වරටද එවන්නක් සිදුවිය හැකිද? මේ කරන්නේ ඇමැතිවරයාව බිලි දීමට හෝ ඇමැතිවරයාව අපකීර්තියට පත්කිරීමට කිසියම් පිරිසක් කරනු ලබන කුමන්ත්‍රණයක්දැයි පොලීසිය ඇතුළේම ලොකු කතාබහක් පවතී. ඒ ඇමැති ධුරය භාරගත් දින සිටම පොලීසිය ගැන ඔහු පවසන ලද බොහෝ දේවල් සැලකිල්ලට ගනිමිනි.
සාරා මියගොස් නැතැයි ඇති මේ සැකය පාස්කු කොමිසම හමුවේද දිගහැරුණේය. සාරා අවසන් මොහොතේත් සයින්දුමර්දු නිවෙසේ රැඳී සිටි බව මෙන්ම බෝම්බ පිපිරුමෙන් පසු ඇය ජීවතුන් අතර සිටි බවට වූ ජීවමාන සාක්ෂියක් සහරාන්ගේ බිරිඳ කාදියා විසින් පාස්කු කොමිසම හමුවේ සඳහන් කර තිබුණාය. අනතුරුව තවත් සාක්ෂි කිහිපයක් පදනම් කරගනිමින් පාස්කු කොමිසම විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සහාය ඇතිව සාරා බෝම්බ ප්‍රහාරයෙන් පසු ජීවත්වූ බව කියැවෙන කාරණා රැසක් සොයාගත්තේය. සාරාට පලායාමට සහ සැඟවීමට උදව් දුන්නේ යැයි කියා කිහිප දෙනෙක්ම අත්අඩංගුවටද ගත්තේය. ඒ අය අතර පොලිස් නිලධාරියෙක්ද සිටියි. සාරා මියගොස් නැතැයි ඕපාදූපයක් බව ඇමැතිවරයා කියන්නේ මෙවන් පසුබිමක් හමුවේය. ඒ, අදටත් අත්අඩගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින පසුබිමක් තුළය.

ඇමැතිවරයා කියන ආකාරයට සාරාගේ ජීවත්වීම ඕපාදූපයක් වූවත් එම ඕපාදූපයෙන් කියැවෙන්නේ සාරා ඉන්දියාවට පලාගොස් ඇති බවකි. දැන් පාස්කු ප්‍රහාරය එල්ලවී වසර දෙකකට වැඩිය. ප්‍රහාරය එල්ලකරන්නට පෙර ඒ ගැන නිශ්චිත තොරතුරු මෙරටට ලබාදුන්නේ ඉන්දියාවයි. ඇමෙරිකාවේ එෆ්.බී.අයි. විමර්ශකයන් මේ විමර්ශනයට සහභාගිකරගත්තාක් මෙන් අඩුම තරමින් තොරතුරු ලබාදුන් ඉන්දියාවේ සහාය අදටත් ලබාගෙන තිබේදැයි මෙතෙක් ප්‍රසිද්ධ නොවූ කතාවකි. අඩුම තරමින් සාරා ගැන ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යම් විමසීමක් හෝ කර තිබේදැයි මෙතෙක් ප්‍රසිද්ධ වී නැත. ඒ ගැන ඇමැතිවරයා හෝ වෙනත් කිසිවෙක් මෙතෙක් ප්‍රකාශයක්වත් කර නැත.

පොලීසියේම විමර්ශන තොරතුරුවලට අනුව සාරා ජෙස්මින් යනු පුලස්තිනී නමැති දෙමළ තරුණියකි. ඇයව මුස්ලිම් ආගමට හරවා සාරා ජෙස්මින් කරමින් කටුවාපිටියේ බෝම්බකරුට විවාහ කර දෙන්නේ සහරාන් අන්තවාදයේ අකුරු කළ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් නම් වූ අන්තවාදී මුස්ලිම් සංවිධානයේ නායකයෙක් වන අබ්දුල් රාෂික් නැමැත්තාය. බුදු හාමුදුරුවෝ මිනීමස් කෑවේ යැයි කියා සිංහල බෞද්ධයන් කුපිත කරන්නට උත්සාහ දැරුවේ ඔහුය. සහරාන්ලා බිහිකළ ඔහුට එරෙහිව අදටත් නීතිය ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නැත. පාස්කු කොමිසමෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව පැහැදිලිවම සටහන් තබා ඇතත් අදටත් ඔහු සිටින්නේ නිදැල්ලේය. හරි නම් රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලිව අත්අඩංගුවට ගෙන රඳවාගෙන පරීක්ෂණ කරන තරමටත් වඩා ප්‍රමුඛතාව දියයුත්තේ ඔහුටය. එහෙත් ඔහුව අල්ලන්නට උනන්දුවක් කිසිවකුටත් නැත්තේ ඇයි දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. සහරාන්ගේ දේශනවලට සහභාගිවූවන් සොයමින් අල්ලන්නට වෙහෙසෙන තරමින් වත් සහරාන්ව බිහිකළ මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පොලීසිය ඇතුළෙත් ප්‍රශ්නාර්ථයකි.

පොලිස් මූලස්ථානය සහ පොලීසිය භාර ඇමැතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන ප්‍රගතිය ගැන මාධ්‍යයට ඉකුත් සතියේදී ප්‍රකාශයක් නිකුත් කරන්නේද මෙවන් තත්ත්වයක් හමුවේදීය.

ඒ අය පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයන් සිදුකර ගෙන යන බවය. ඒ අනුව ඉහත විමර්ශනවලින් සිද්ධීන් 9කට අදාළව මේ වනවිට සැකකරුවන් 32ක් සඳහා නීතිපති විසින් කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ කොළඹ යන මහාධිකරණවල නඩු 9ක් පවරා ඇති බවද පෙන්වා දෙයි.

ඉතිරි විමර්ශන 8හි නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එක්ව සාකච්ඡා පවත්වමින් කඩිනමින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද ඒ අය සඳහන් කරති.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා එහිදී සඳහන් කළේය.

දැනට නඩු පවරා ඇතැයි ඔහු කියන්නට වූයේ මාවනැල්ල බුදුපිළිම කැඩීම, වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සහ පොලීසියට වනාතවිල්ලුවේ කඳවුර සොයා ගැනීමට උදව් දුන් මාවනැල්ලේ තස්ලිම් නැමැත්තාට වෙඩිතැබීම ආදී සිද්ධි සම්බන්ධයෙනි.

ඒ නිසා මෙම විමර්ශන සම්බන්යෙන් ජනතාව රජයට දොස් කීමට හේතුවක් නැතැයි ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය. ඒ දැනටමත් පාස්කු විමර්ශනයන් සම්බන්ධයෙන් කතෝලික පල්ලිය ප්‍රමුඛ කතෝලික ජනතාවගේ විශ්වාසය ක්‍රමයෙන් ඈත්වෙමින් ඇති පසුබිමකය. එහෙතත් ඇමැතිවරයා නම් විශ්වාසයෙන් කියන්නේ නීතියේ කුඩා හිලකින්වත් පාස්කු ප්‍රහාරයට ගෑවී සිටින කිසිවකුටත් පලායාමට ඉඩ නොතබන බවය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

නීතිය කාටත් එකයි! දකුණු අප්‍රිකානු හිටපු ජනපති හිරේ යවයි!!

Next Post

ඕන ගේමකට අපි සූදානම්! අපි අද ආවා චණ්ඩියා එනවද බලන්න! චණ්ඩියා හැංගිලා! සභාපතිට එරෙහිව ජවිපෙ රිදීමාලියද්ද වටලයි!!! (VIDEO)

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.