තෙල් මිල ඉහළ නැංවීම හේතුකොටගෙන සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත.
අදාළ මිල ඉහළ නැංවීම ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව විසින් ගත් එකක් මිස අමාත්‍යවරයා විසින් පෞද්ගලිකව ගනු ලැබූ එකක් නොවීම ඒ සදහා හේතු වී තිබේ.
එම නිසා අදාළ විශ්වාසභංගයට සහාය නොදීමට ශ්‍රීලනිපය තීන්දු කර ඇත.










