ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදස මහතාට ලබා ගැනීම සම්බබන්ධයෙන් වූ පළමු සාකච්ජාව අද (01) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ එජාප නියෝජිතයන් හට අද රාත්‍රී වේලාව ලබා දී තිබේ.
මෙම සාකච්ජාවට එජාපය නියෝජනය කරමින් අගමැතිවරයාට අමතරව සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා මෙම සාකච්ජාවට තනිවම සහභාගී වනවාද එසේත් නැත්නම් නියෝජිත කණ්ඩායමක් සමග සහභාගීී වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.










