ආණ්ඩුව ජුනි 18 දක්වා වූ සතිය තුළ රුපියල් බිලියන 22ක මුදල් මුද්‍රණය කොට ඇති බව ‘ඉකොනොමිනෙක්ස්ට්’ වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.
මහබැංකුව බිල්පත් නිකුත් කර රුපියල් බිලියන 50ක් උපයා ගැනීමට සැලසුම් කර තිබුණද ඉන් 60%ක ප්‍රමාණයක් හෝ ලබා ගත නොහැකි වීම මත මෙසේ මුදල් අච්චු ගැසීමට සිදුව ඇති බව එම වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
චීනයේ සංවර්ධන බැංකුවෙන් ලද ඩොලර් මිලියන 400ක ණය පහසුකම හේතුවෙන් ආණ්ඩුව අප්‍රේල් සහ මැයි මාසවල මුදල් අච්චු ගැසීම අත්හිටුවා තිබිණ.
නමුත් සැලසුම් කළ පරිදි මුදල් නොලැබීම හේතුකොටගෙන නැවත වතාවක් මුදල් අච්චු ගැසීමට ආණ්ඩුවට සිදුව ඇති බව අනාවරණය වී ඇත.










