ලෝක පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර සිය ෆේස්බුක් පිටුවේ පියා සම්බන්ධයෙන් සටහනක් තැබීමට පියවර ගෙන ඇත.
ඒ මෙසේය.
අද ලෝක පියවරුන් ගේ දිනය,
මගේ තාත්තා මට නැතිවුණේ මම පුංචිම කාලේ. දැනුම් තේරුම් වයස එනකොට මම දැනගත්තා මගේ තාත්තා නැති වුණේ මේ රටේ මිනිස්සුන්ට සතුටින් පිරි රටක් ගොඩනගන්න ගිහින් කියලා.
ඒ වගේ නැති වුණු තවත් තාත්තලා මේ බිමේ ඉන්නවා. ඒ හැමෝගෙම බලාපොරොත්තුව වුණේ සතුටින් පිරි රටක් ගොඩනගන එක.
ඒ බලාපොරොත්තු මේ මහ පොළොව මත තවමත් ශේෂ වෙලා ………..
මහමෙරක් සේ සියල්ල දරාගත් සියලුම පියවරුන් ට උපහාරයක් වේවා…….!!!











