ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ‘දැන් සැපද?’ කියා අසමින් විරෝධය පළ කළ සමගි තරුණ බලවේගය ගාල්ල දිස්ත්‍රික් සංවිධායක කණිෂ්ක ලැනරෝල් මහතා ඇතුලු පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතා පුවරු සදහන් බක්කි කරත්තය නැග ගමන් කරද්දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන්නේ සංචාරණ සීමා උල්ලංඝනය කිරීමේ හේතුවෙන් 04 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් මාගොල්ලේ පාලම අසල සිට නගරයට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.










