මෙවර කොළඹ පැවැත්වුණ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් රචිත ‘උත්තරීතර-දෝෂාභියෝගයේ ඇතුළාන්තය’ පොත ඉහළම පාඨක ප්‍රතිචාර ලද පොත වශයෙන් වාර්තා අතරට එක්ව ඇත.
ඉකුත් රාජපක්ෂ රජය සමයේදී තමන්ව අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළේ කිිසිවකුත් නොදන්නා රහස් තොරතුරු රැසක් හිටපු අගවිනිසුරුවරිය විසින් මෙම පොතට ඇතුළත් කර ඇත.
හිටපු අගවිනිසුරුවරිය මෙවැනි පොතක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව පළමු වරට රටට අනාවරණය කළේ ‘දැන් ඉරිදා මව්රට’ පුවත්පතය. එමෙන්ම ඇය ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරමින් පළමු වරට සම්මුඛ සාකච්ජාවක් ලබා දී තිබුණේද මව්රට පුවත්පතටය.










