ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.
මේ අවස්ථාවේ මත්පැන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අලෙවි කළහොත් මේ වනවිට කොවිඩ් වසංගතය නිසා මතුවී ඇති ගැටලු තවත් උග්‍ර විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද දින අගමැතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටද වෛද්‍ය සංගමය පියවර ගෙන ඇත.











