සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 14 වන පියවර ලෙස රුපියල් හතලිස් හය ලක්ෂ පනස්දහසක් (4,650,000/-) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
එකක් රුපියල් 450,000ක් වටිනා Multipara Monitors තුනක් ද, එකක් රුපියල් 1,350,000ක් වටිනා Optiflow Nasal Therapy දෙකක්ද, රුපියල් 600,000ක් වටිනා Oxygen System යන්ත්‍රයක් ද මෙලෙස පරිත්‍යාග කෙරේ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.










