ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබේ.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය.
බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න තහවුරු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය ද ඉහළ දමා ඇති බව සඳහන්ය.










