ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය පිළිබද සාකච්ජා කිරීම සදහා ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇත.
තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්,ගම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනීසිටීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව දැනගන්නට ඇත .
මේ අතර සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එහිදී පක්ෂ නායකයන් සාකච්ඡා කළ බව වාර්තා වෙි.
අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්දඅලුත්ගමගේ යන මහත්වරු ද එම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.










