තෙල් මිල ඉහළ දැමීම මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ මේ වනවිට මතුව ඇති අර්බූදය තවත් ඉහළ නංවමින් අද (13) දින උදය ගම්මන්පිල මහතා ඇතුලු කැරලිකාර පාර්ශවයට පොහොට්ටුව පැත්තෙන් තවත් ප්‍රහාරයක් සූදානම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
තෙල් මිල ඉහළ දැමීමෙන් පසුව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා නවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධානීන් අප්‍රසාදයට පත් නොකොට වහාම ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවකි.
ඊට පිළිතුරු වශයෙන් අද දහවල් ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා සියලු තොරතුරු අනාවරණය කිරීමට ගම්මන්පිල මහතා සූදානමින් සිටී.
කෙසේවෙතත් අද දින පොහොට්ටුව පාර්ශවයෙන් ගම්මන්පිල මහතා ඇතුලු කැරලිකාර කණ්ඩායමට තවත් ප්‍රහාරයක් මේ වනවිටත් සූදානම් වෙමින් පවතින් බව එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.










