කොරෝනා වසංගතය හමුවේ ජනතාව තවත් අසීරුවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බවත්, ඒ වගකීම භාරගෙන වහාම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙන්වා දී ඇත.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
මෙවැනි වාතාවරණයකදී තෙල් මිල වැඩි කිරීම හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අප්‍රසාදයට පත් කිරීමේ වුවමනාවක් ගම්මන්පිල මහතාට තිබුණේදැයි සැක මතුවන බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.











