ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.
ස්පාඥ්ඥ මොරොක්කෝ දේශ සීමාවේ, රුසියාවේ සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යෝජනා තුනද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත වූයේ පක්ෂව ඡන්ද 628 ක් ලැබීමෙනි. යෝජනාවට විරුද්ධව ජන්ද 15 ක් ලැබී තිබුණු අතර 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
මෙම යෝජනාව හරහා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පනත සමාලෝචනය කර අවලංගු කර ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත‍්‍රස්ත විරෝධී නීති මගින් එය ප‍්‍රතිස්ථාපනය කරන ලෙසයි.
මේ තත්ත්වය යටතේ ධනාත්මක ප්‍රතිචාර නොදැක්වුවහොත් යුරෝපා සංගමය මගින් ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය නැවත වතාවක් අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.










