ඉතියෝපියාවේ සහ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල විසින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සඳහා අධ්‍යයනයක නිරත වන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඊයේ (09) දෙරටේ නියෝජිතයන් අතර පැවැත්වී තිබිණ.
ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වූ පළමු අවස්ථාවද මෙය ලෙස සැලකේ.
ඒ අනුව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා මෙම උපදේශන කටයුතු යොමු කර ඇති බවයි.
මේ වනවිට බරපතළ මූල්‍ය අර්බූදයක සිටින ශ්‍රී ලංකාව ඉකුත් මාසයේදී බංග්ලාදේශයෙන් ණය මුදලක්ද ලබාගැනීමට පියවර ගෙන තිබිණ.










