එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක් කළ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
ඒ අනුව අද (09) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට මහාචාර්යවරිය පියවර ගෙන ඇත.
මෙහිදී ඉන්ටපෝල් සහාය මෙම පරීක්ෂණයේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට පියවර ගත් බවත්, සිය තර්කයට අදාළ සියලු ලිපිලේඛන තමන් රහස් පොලිසියට බාර දුන් බවත් ඇය සදහන් කොට ඇත.
චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැති අන්තර්ජාල මාධ්‍ය සාකච්ජාවදී ඇය අනාවරණයකර සිටියේ මෙම නැව පිළිබදව ඉන්ටපෝල් විසින් පාකිස්තානය බංග්ලාදේශය දැනුවත් කර තිබියදී ලංකාව දැනුවත් නොකිරීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු යැයි කියාය.










