දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 54ක් සිදුව ඇති බවට තහවුරු කොට ඇත.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කටාන, උඩුවෙල, මාවනැල්ල, අරණායක, මාළිගාවත්ත, එරාවූර් 02, මොරටුව, අළුබෝමුල්ල, වාද්දූව, වළස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, ජාඇල, වත්තල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරියනීලාවනයි, අකුරණ, උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගනය, රාගම, කොළඹ-13, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.










