සීඑන්එන් සහ බ්ලූම්බ්බර්ග්, ෆයිනෑන්ෂල් ටයිම්ස් ඇතුළුව ලොව පුරා ඇති ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් අද දිනයේ හදිසි බිදවැටීමකට ලක් විය.
කටාර් පදනම් කරගත් අල් ජසීරා මාධ්‍ය ජාලයට ද බලපෑම් එල්ල විය.
ප්‍රංශයේ ලෙ මොන්ඩේ පුවත්පතට 10:00 GMT පමණ වෙබ් අඩවියේ පළ වූ දෝෂ පණිවිඩ පෙන්වන්නට පටන් ගෙන තිබිණ.
Amazon.com, INC වැනි වෙබ් අඩවි ද ඇනහිටීම් වලට මුහුණ දෙන බවක් පෙනෙන්නට තිබුණි.
බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතද පැවසුවේ එහි වෙබ් අඩවියට සහ යෙදුමට මෙය බලපා තිබූ බවකි.
එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන වෙබ් අඩවියටද පිවිසිය නොහැකි විය.
බීබීසී සහ නිව්යෝර්ක් ටයිම්ස් තාවකාලිකව ප්‍රවේශ විය නොහැකිව තිබූ නමුත් පසුව සක්‍රිය තත්ත්වයට පත්ව තිබිණ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි හේතු දැක්වීමක් සිදු කිරීමට කිසිදු පාර්ශ්වයක් සමත්ව නොතිබීමද විශේෂ සිදුවීමකි.










