• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්නත ගත්තොත් අවුරුදු දෙකෙන් මැරෙනවා! නොබෙල් තෑග්ග දිනූ වෛරස විද්‍යාඥයා කී කතාව ඇත්තද?

June 9, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
එන්නත ගත්තොත් අවුරුදු දෙකෙන් මැරෙනවා! නොබෙල් තෑග්ග දිනූ වෛරස විද්‍යාඥයා කී කතාව ඇත්තද?
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර එකහමාරකට ආසන්න කාලයේ ලොව පුරා ජනතාව ජීවත් වූයේ එතෙක් අත් නොවිඳි අත්දැකීම් රාශියක් සමඟිනි. ඇසට නොපෙනන වෛරසයකට මේ තරම් පෙරළියක් කළ හැකි යැයි විශ්වාස කළ නොහැකි තරමටම කොවිඩ් වෛරසය ලෝකය උඩු යටිකුරු කළේය. එහි බලපෑම තවමත් අවසන්ව නැත. අවසන් වන දිනයක් පිළිබඳ අනාවැකි පළ කිරීමද අසීරු වී ඇත.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත්තේ කොවිඩ් 19 වෛරසයෙන් ලෝකය ගලවා ගතහැකි එකම ක්‍රමවේදය එන්නත්කරණය පමණක් වන බවය. ඒ හේතුවෙන් ලොව පුරා බොහෝ රටවල් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයට යොමු වී ඇත.

එසේ වුවද කොවිඩ් මර්දන එන්නත් පිළිබඳ ඇති වී තිබෙන මතභේදාත්මක කරුණුද බොහෝය. ඒ හේතුවෙන් එම එන්නත් පිළිබඳ විවිධාකාරයේ මත අසන්නට ඇත. ශ්‍රී ලංකාව චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත ලබාදීම ආරම්භ කළ මුල් දින කිහිපයේදී මෙරට ග්‍රාමීය ජනතාව අතරද ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිවී තිබෙන ආකාරය දක්නට හැකි විය. ඒ හේතුවෙන් ඇතමුන් එන්නත්කරණයෙන් වැළකී සිටීමටද පියවර ගත් බව දැනගන්නට ලැබිණි.

මේ අතර පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ එන්නත්කරණයට ලක් වූ ජනතාව භීතියට පත් කරවන ආකාරයේ පුවතකි. ලෝ ප්‍රකට වෛරස විද්‍යාඥයකු වන ප්‍රංශ ජාතික ලුක් මොන්ටැග්නියර් මහතා සිදු කළ ප්‍රකාශයක් යැයි සඳහන් කරමින් පළ වූ එම පුවතේ දැක්වුණේ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් ජනතාව වසර දෙකකින් මරණයට පත්වන බවය.
මොන්ටැග්නියර් යනු වෛරස විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකි. එමෙන්ම ඔහු 2008 වසරේදී කායික, වෛද්‍ය විද්‍යාව සඳහා වූ සම නොබෙල් ත්‍යාගයටද හිමිකම් කියා ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ පැවැති සාකච්ඡාවකදී හෙතෙම එම කරුණු ප්‍රකාශ කර ඇති බවය.

මොන්ටැග්නියර් වැනි විශේෂඥයකු සිදුකළේ යැයි කියන එවැනි ප්‍රකාශයක් පිළිබඳ ලෝ පුරා ජනතාව බියට පත්වීම පුදුමයට කරුණක් නොවේ. කෙසේ නමුත් පසුව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු සිදුකළේ යැයි පවසන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවය. ඔහු එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවද මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මේ සම්බන්ධයෙන් පසුගියදා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර සිටියේ එන්නත්කරණයට අකැමැති පිරිස් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර පළකරන බවය. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යනු ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම වෛසරවේදියාය. 1981 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ වෛරස පාලනය සඳහා පත්කළ කමිටුවේ උපදේශකයකු ලෙස වසර 25ක කාලයක් විතාරණ මහතා කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් හෙතෙම පවසන අදහස් අපට වැදගත් වන්නේ ඒ හේතුවෙනි.
“එන්නත්කරණයට කැමැති නැති අයත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය මේ වගේ බොරු ප්‍රචාර කරනවා. මම නම් හිතන විදියට එන්නත්කරණයේ කිසිම අනතුරක් නැහැ.”

විතාරණ මහතා අදහස් දැක්වූයේ එසේය.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම එන්නතක් භාවිතය සඳහා යොදාගන්නේ වසර පහක් හෝ හතක කාලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. නමුත් කොවිඩ් එන්නත භාවිතයට ගැනීමට පෙර පරීක්ෂාව සඳහා ලැබුණේ මාස 09ක කාලයක් පමණි. එබැවින් එවැනි එන්නතක අනතුරුදායක භාවයක් නොවේ යැයි එක්වරම පැවැසීමද අසීරු කටයුත්තකි. විතාරණ මහතා එම පැනයට පිළිතුරු දුන්නේ මෙසේය.

“මෙහෙමයි. සාමාන්‍යයෙන් ඕනෑම එන්නතක සියලු පරීක්ෂාවන් අවසන් වෙන්න යන කාලය තමයි වසර 07ක් ලෙස සැලකෙන්නේ. නමුත් ඒ කාලය තුළ එන්නත භාවිත කරන්න පුළුවන්. කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළේ නැහැ කියලා මොන්ටැග්නියර් මහත්මයාම ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම එතුමා එහෙම කිව්වැයි කියන අවස්ථාවේ වීඩියෝ දර්ශන නැවත පරීක්ෂාවේදි එහෙම ප්‍රකාශයක් හොයාගන්න ලැබුණේ නැහැ. ඒ හින්දා ඒක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණු අසත්‍ය ප්‍රකාශයක් කියන එක මම වගකීමෙන් කියනවා. ඒ හින්දා ඒවා පිළිගන්න එපා.”
ඒ, විතාරණ මහතාගේ අදහස්ය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත හරහා ශරීරයේ වෙනත් වෛරස සඳහා තරග කරන ප්‍රතිදේහ සම්පූර්ණයෙන් විනාශ කරන බවට පළවන මතය පිළිබඳවද විතාරණ මහතා අදහස් දැක්වීය.

“නැහැ. මේ වගේ ප්‍රතිදේහ ඕනෑ තරම් ශරීරයට ඇතුළු කරනවා. නමුත් එහෙම දෙයක් වෙනවා කියලා තවම හොයාගෙන නැහැ.”

කෙසේ වෙතත් මෙහිදී විතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එන්නත්කරණය හරහා 100%කින් කොවිඩ් මර්දනය කළහැකි යැයි තවම කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බවය. විතාරණ මහතාගේ පමණක් නොව ලොව පුරා වෛරසවේදීන්ගේ මතය වී ඇත්තේද එයමය.

අපි කොවිඩ් මර්දන එන්නත පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව සැබෑවය. නමුත් එන්නත්කරණයට ලක් වූ සැණින් අපට කොවිඩ් නොවැළඳේ යැයි සිතා කටයුතු කිරීමේ කිසිදු අවකාශයක් උදා නොවන බවද මතකයේ තබාගත යුතුය. එන්නතකරණයට ලක්වුවද, මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය රැකගැනීම සහ දෑත් සේදීම තව කාලයක් යන තුරුම අප සිදුකළ යුතුව ඇත. එන්නතෙන් නියම පිහිට ලබාගැනීමට නම් අප එම වගකීම් ඉටුකළ යුතුමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

යන්න බෑ! සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වෙළෙද කලාපය තහනම් කලාපයක් වෙයි!!

Next Post

මරික්කාර් යළි කොළඹටම බෙදන්න පටන් ගනී! (PHOTOS & VIDEO)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.