ශ්‍රී ලංකාවේ ඉන්දීය මහාකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) දින පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් චීනය ලංකාව තුළ විශාල බලපෑමක් ඇති කරමින් සිටින පසුබිමක ඉන්දීය මහකොමසාරිස්වරයා හා අගමැතිවරයා අතර පැවැති හමුව සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.










