• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදීන් වැඩි දෙනා තර්ඩ් ක්ලාස් වැඩ කළ අය’! මාධ්‍ය ප්‍රකාශක දොස්තරගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

June 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදීන් වැඩි දෙනා තර්ඩ් ක්ලාස් වැඩ කළ අය’! මාධ්‍ය ප්‍රකාශක දොස්තරගෙන් ආන්දෝලනාත්මක කතාවක්!
Share on WhatsAppShare on Facebook

‘ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදීන් වැඩි දෙනා තර්ඩ් ක්ලාස් වැඩ කළ අය’ යනුවෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් පසුගිය දිනෙක කර ඇති ප්‍රකාශය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

මාධ්‍ය සංවිධාන එකතුව විසින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත සහ සියළු මාධ්‍ය වෙත පිටපත්ද සහිතව යොමු කරන ලද ලිපියකින් මේ බව අවධාරණය කොට තිබේ.

අද දින යොමු කර ඇති එම ලිපියේ මෙසේ දැක්වේ.

2021. 06. 07
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
මාධ්‍ය ප්‍රකාශක,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය,
අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත හේරත් මහතාණෙනි,

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්’ බව හඳුන්වමින් ඔබ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතර, ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයකි. නිග්‍රහයකි. ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර) සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව අපගේ විශ්වාසයයි.

ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව, ඔබ කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ, එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ, මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙන බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කකි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන මාධ්‍ය ප්‍රජාව වන අප මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක් වී ඇත.

‘තර්ඩ් ක්ලාස් වැඩ’ සහ ‘ක්ලාස්’ සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ අපි සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් කියා සිටිමු. එය අවධාරණය කරනු පිණිස මෙම ලිපිය සියලු මාධ්‍ය වෙත ද නිකුත් කෙරේ.

මාධ්‍ය සංවිධාන එකතුව

SendShareShare
Previous Post

රවිනාථ අතේ ආණ්ඩුවෙන් අමෙරිකාවට පණිවුඩයක්!

Next Post

ගම්පහට ගංවතුර ආවේ දේවානි නිසා! ඇමැති ලන්සාගෙන් චෝදනාවක්! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.