”මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීම ගැන මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් කියන්න ඕන මේ අධිවේගී මාර්ග සෑදු කිසිම ස්ථානයක ගංවතුර ගැටළු ඇතිවෙලා නැහැ. නමුත් එක්තරා නෝනා කෙනෙක් ඇවිත් බාධා නොවන්න මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ඇල මාර්ග පිළිසකර කරලා, සංවර්ධනය කරලා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සිදුකරන්න තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගය කුළුණු මතින් ගෙන යන වැඩපිළිවෙළක් තිබ්බේ. දැන් අපිට ඒ ගැටලුව ගැන බලන්න සිද්ධ වෙලා තියෙනවා” යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
අද දින පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.










