පසුගිය දිනවල ඩී.එස්. සේනානායක විදුහලේ බිම් කොටසක රථ ගාලක් සෑදීමේ කතා පුවත මහත් ආන්දෝලනයකට ලක්වූවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි ඉදිකරන්නට උපදෙස් ලබා දී ඇත්තේ වෘත්තීය පුහුණු පාසලක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය.
ඒ අනුව ආණ්ඩුවේ සිටින ආදි ඩී.එස්. මැතිඇමැතිවරුන් සහ ඩී.එස්. විදුහලේ බලධාරීන් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන එහි ඉදිරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවට යොාමු කිරීමටද පියවර ගෙන ඇත.
කෙසේවෙතත් මෙම ලිපි ලබා දීමේදී කුමන හෝ ස්ථානයකින් ජනාධිපතිවරයා උපදෙස් දුන් ‘වෘත්තීය පුහුණු පාසලක්’ වෙනුවට ‘රථ ගාලක්’ ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පසුව සිද්ධිය වාර්තා වූ වහා කෝපයට පත් ජනාධිපතිවරයා අදාළ ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසට උපදෙස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.










