• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කොන් වෙලාද? (විජයසිරි ජයලත්ගේ රටේ පැත්ත)

June 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
මහින්ද කොන් වෙලාද? (විජයසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමි යනු මහින්දට දේශපාලනයේදී කිසිසේත්ම අමතක කළ හැකි චරිතයක් ‌නොවේ. 2004 මහමැතිවරණයේ ප්‍රතිපලවලින් පසු අගමැති ධූරය ලබා ගැනීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇතුළේ විශාල සටනක් ආරම්භ වී තිබිණ. ජවිපෙත් සමග එක්ව නිර්මාණය කළ මේ ආණ්ඩුවේ අගමැති ධූරය තීරණය කිරීමේ බලය හිමිව තිබුණේ ජවිපෙටය. හේතුව එම ආණ්ඩුව ඇතුළේ ජවිපෙට මන්ත්‍රී ධූර 36ක විශාල බලයක් හිමිව තිබීමය.

ඒ අනුව තමන්ට හිමිව තිබූ බලය අතට ගෙන ජවිපෙ අගමැති ධූරය හිමිවිය යුතු පුද්ගලයන්ගේ නම් 3ක් සහිත ලියුමක් චන්ද්‍රිකා වෙත යවා තිබිණ. ඒ නම් තුනේ හිටියේ ලක්ෂ්මන් කදිරගාමර්, අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සිරිසේනය. මහින්දගේ නම ජවිපෙ ලයිස්තුවේ තිබුණේ නැත.
නමුත් ජවිපෙ ලියුම අභිභවා ගිහින් මහින්දට අගමැතිකම ගන්න ඒ මොහොතේ උදව් කළේ වෙන කවුරුවත් නොව ජාතික හෙළ උරුමයෙන් පළමු වතාවට පාර්ලිමේන්තුවට වැඩිය මන්ත්‍රී හිමිවරුන් දහ දෙනාය. උන්වහන්සේලා අතර සිටි එක් හිමිනමක් වූයේ කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ය.

කෙසේවෙතත් ජවිපෙ සහාය තිබුණත් ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවීමේ බහුතර බලයක් තිබුණේ නැත. ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා 113 සොයාගැනීමට ජාතික හෙළ උරුමයේ සහාය එජනිසට අත්‍යවශ්‍ය සාධකයක් විය.

ඒ අවස්ථාවේදී ආණ්ඩුවක් පිහිටුවන්න හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා සහාය දැක්වීමට එකගතාව පළ කළ අතර ඒ වෙනුවෙන් ඒ පැත්තෙන් කොන්දේසියක් ඉදිරිපත් විය. ඒ වෙන මොකක්වත් නොව මහින්දට අගමැතිකම ලබා දීමය. ඒ පිළිබද එජනිස ඇතුළේ පැවැති සාකච්ජාවල ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේ වෙන කවුරුවත් ‌නොව කොලොන්නාවේ සුමංගල හිමියන්ය. උන්වහන්සේලා කියා සිටියේ මහින්දට අගමැතිකම දෙනවා නම් ආණ්ඩුව පිහිටුවන්න හෙළ උරුමය සහාය දෙනවා යැයි කියාය. ජවිපෙ එපා කියද්දීත් මහින්දට අගමැතිකම ලැබුණේ කොලොන්නාවේ හිමියන් ඇතුලු හෙළ උරුමය කළ බලපෑම නිසාය.

මේකට කෘතගුණ සලකන්න මහින්ද අගමැති වෙලා ආ පළමු පෝ දිනයේදී සිටම අරලිය ගහ මන්දිරයේ ‘අමාදම් සිසිලස’ නමින් පෝ දා ධර්ම දේශනා මාලාවක් ආරම්භ ‌කළේය. 2004 අගමැති වශයෙන් ආරම්භ කළ මේ ධර්ම දේශනා මාලාව මහින්ද 2005 ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවත් අතපසු නොකරමින් නොකඩවා සිදු කළේය. 2010 නැවත ජනාධිපති පුටුවේ වාඩිවුණාමත් කළේය. 2015 පරාද වී තංගල්ලට ගියාට පසුවත් ගෙදර සිටත් ඒ කටයුත්ත මහින්ද ඉටු කළේය. දැන් නැවත අගමැති වීමෙන් පසුවත් මහින්ද 2004 ආරම්භ කළ කටයුත්ත ඒ විදිහටම දිගටම කරගෙන යමින් සිටී.

මේ විදිහට පසුගිය වෙසක් පෝ දින අරලිය ගහ මන්දිරයේ පැවැති ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වූයේ කොලොන්නාවේ හිමියන්ය. උන්වහන්සේ එහිදී සිය ධර්ම දේශනාව අතරවාරයේදී යුද්ධය නිමා කිරීම සදහා මහින්ද දුන් අභීත නායකත්වය පිළිබද සිහිපත් කිරීමක් කළේය. එහිදී උන්වහන්සේ සදහන් කර සිටියේ දැනුත් රට ඇතුළේ යුද්ධය හා සමානවම විපතක් මතුව ඇති බවත්, එම විපත්තිය දුරු කිරීම සදහා යුද්ධය නිමා කළාක් මෙන්ම මහින්ද පෙරට ආ යුතු බවත්ය. යුද්ධයට මහින්ද ළග උත්තර තිබුණා වාගේම මේ විපත්තියටත් මහින්ද ළග උත්තර ඇති බව උන්වහන්සේ මතක් කර සිටියහ.

කොලොන්නාවේ හිමි මේ කතාව කියද්දී මහින්ද සංවේදීව ඒ කතාව අසා සිටින ආකාරයක් දැකගත හැකි විය.

‘ඇයි මහින්ද ‌රටට මෙච්චර විපතක් වෙද්දිත් එළියට එන්නේ නැතිව ඉන්නේ… මහින්ද කොන්වෙලාද? මහින්ද මෙහෙම ඉදලා පුරුදු කෙනෙක් නෙමෙයි….’

මේ කොලොන්නාවේ හිමියන් විතරක් නොව මහින්දට කැමැති බොහෝ අය අද කියන කතාවය.
හැබැයි සමහරුන් එහෙම හිතුවාට මහින්ද එහෙම දෙයක් පෙන්නුම් කරන්නේ නැත.

‘දැන් මහින්දයි ගෝඨයි අතර සටන ආරම්භ වෙලා තියෙන්නේ… බැසිල්ට ගෝඨාත් එක්ක වැඩ කරන්න බෑ… ඒකයි බැසිල් ඔක්කොම දාලා රට ගියේ…’

මේ අද විපක්ෂය තැන් තැන්වල කියමින් යන කතාවය.

විපක්ෂය මේ කතාව කිය කියා යන්නේ අද ඊයේ සිට නොවේ. 2005 මහින්ද ජනාධිපති පුටුවේ වාඩි වූ දවසේ සිටම විපක්ෂය කියන්නේ මේ කතාවය. හැබැයි විපක්ෂය මෙහෙම කතා කිය කියා තාවකාලික චූන් එකක් ගත්තත් රාජපක්ෂ සහෝදරවරුන් අතර ගැටුමක් හදන්න විපක්ෂයට හැකි වුණේ නැත.

රාජපක්ෂවරුන් හැම දේශපාලන තීන්දුවක්ම ගත්තේ සහෝදරවරුන් අතර සාකච්ජා කරලාය. කොටින්ම කියනවා නම් බැසිල් රට ගියේත් ගෝඨා මහින්ද සමග සාකච්ජා කොට තීන්දුවක් අරන්ය.

මේ සියලු රාජපක්ෂවරුන් ආණ්ඩුව ඇතුළේ තමතමන්ට නියමිත කාර්යභාරයන් පිළිබදව ‌මනා වැටහීමක් ඇතිව කටයුතු කරන්නන්ය. ඒ තියා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා පිළිබදවත් මේ සහෝදරවරුන් දැන් තියාම තීන්දුවක් ගෙන අවසන්ය.

ඉතින් මහින්ද කොන්වෙලා කියලා මහින්ද වටේ ඉන්න සමහර අය හිතුවත් මහින්ද අද දක්වාම රාජපක්ෂවරුන්ගේ ජන්ද පදනම වූ සග-වෙද-ගුරු-ගොවි-කම්කරු කියන පංච මහා බලවේගය සමග එදා වගේම ගනුදෙනු කරමින් සිටී.

ගෝඨා ජනාධිපතිවරයකුට ගන්න තියෙන ජනප්‍රිය නොවන අමිහිරි තීන්දු තීරණ පවා ගනිමින් රට නිවැරදි දෙසට රැගෙන යමින් සිටී.

බැසිල් ඒ සියලු කටයුතු පරිපාලනය කරමින් දේශපාලන පොරපිටිය කළමනාකරණය කරමින් සිටී.

ඒ නිසා විපක්ෂය හිතනවා නම් රාජපක්ෂවරුන් එක එකා මරාගෙන ආණ්ඩුව විපක්ෂය අතට ගන්න පුළුවන් කියා විපක්ෂයට වෙන්නේ එළුවගේ අහවල් එක වැටෙනකම් පිටිපස්සෙන් ගිය නරියාට වෙච්ච දේමය.

විජයසිරි ගම්ලත්

SendShareShare
Previous Post

චමුදිතට මරණ තර්ජන: ලියුමක සියල්ල ලියා තබයි! (VIDEO)

Next Post

සයිනොෆාම් මිලියනයක් අද උදේ ආවා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.