කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයට අයත් භූමියක රථගාලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
එම ව්‍යාපෘතිය අවශ්‍ය නොවන බවට පාසැලෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශව විසින් විවේචන එල්ල කරනු ලැබුණු අතර එහි ප්‍රථිපලයක් අනුව ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතු වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එන්.පී.කේ. රණවිර සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පාසලේ යහපත උදෙසා සිදුකිරිමට සුදානම් කළ බවත් එමගින් පාසලේ අවට ඇතිවන මාර්ග තදබදයට විසඳුමක් ලබාදීම අරමුණ වූ බවත්ය.










