• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුල සිටම කොරෝනා සටනේ අපිට වැරදුණු තැන්

June 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රෝහල්වල සිරුරු හිරවෙලා

Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP)

Share on WhatsAppShare on Facebook

ලංකාවට කොවිඩ් එන්න කලින් බොහෝ දෙනෙක් ලෝකයේ කොරෝනා තියෙන බව දැනගෙන හිටියා. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ කොරෝනා සම්බන්ධව උනන්දු වුණා. බොහෝ දෙනෙක් කොරෝනා සම්බන්ධව හෙව්වා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක් විදියට ‘මව්රට’ පුවත්පතත් මේ විදියට කොවිඩ් සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති කිහිපයක් පළ කළා. නමුත් ලංකාවේ පාලකයෝ ඒ සම්බන්ධව උනන්දු වුණාද නැද්ද කියන එක ගැන අපි දන්නේ නෑ. මාර්තු මාසේ මාසෙ හයවැනිදා විශේෂාංග කර්තෘවරු සහ ප්‍රවෘත්ති කර්තෘවරු සඳහා අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ භෝජන සංග්‍රහයේදී ‘මව්රට’ අපි මේ සම්බන්ධව විශේෂයෙන් ප්‍රශ්න කළා. ඒ මාර්තු මාසේ හයවැනිදා. ඒ අවස්ථාවට ‘මව්රට’ පුවත්පත නියෝජනය කරමින් ලියුම්කරු වන මමත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්නත් සහභාගි වුණා. අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්. පීරිස් ඇතුළු පිරිස ඒ අවස්ථාවට සහභාගි වුණා.

එය අවස්ථාවේදී අපි මාර්තු හයවැනිදා ඔවුන්ගෙන් ප්‍රශ්න කළා කොවිඩ් සම්බන්ධව ලංකාව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද කියලා. ඒ අවස්ථාවේදී ගුවන් තොටුපොළ වසාදැමීම සම්බන්ධව තීන්දුවක් අරගත්තාද කියලා අපි ඇහුවා. නමුත් ඒ අය කිව්වේ එහෙම තීරණයක් ගන්න තරම් අපි තාම කලබල වෙන්නේ නෑ කියලා. නමුත් මේ විදිහට කලබල නොවී හිටපු අපට මාර්තු මාසෙ එකොළොස් වැනිදා වෙනකොට පළමුවැනි රෝගියා හොයාගන්න තැනට පත්වෙන්න සිදුවුණා. ඉතාම නොසැලකිලිමත් ලෙස සැලසුමක් රහිතව වැඩ කරපු නිසා අපට මාර්තු එකොළොස් වැනිදායින් පස්සේ ඉතාම ඉක්මනින් ලංකාවේ රෝගීන් පැතිරෙන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් ලංකාවේ ගුවන් තොටුපොළ වහලා දාන්න අපේ බලධාරීන් පරක්කු වෙච්ච නිසා ලංකාවේ රෝගය පැතිර ගියා කියලයි බොහෝ දෙනෙක් කිව්වේ. යම් හෙයකින් මාර්තු හයවැනිදාට කලින් ගුවන්තොටුපොළ වසා දමා තිබුණා නම්, ලංකාව මේ තත්ත්වෙට පත්නොවී බේරගන්න තිබුණා.

ඒකට හේතු වෙන්නේ ලංකාව දූපත් රාජ්‍යයක් නිසා. නමුත් අපට ඒක කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරිවීමත් එක්ක මාර්තු මාසේ වෙනකොට ලංකාවේ පළමුවැනි රෝගියා වාර්තා වෙනවා. ඉන් පස්සෙ පළමුවැනි රෝගියාගේ සිට මේ රෝගීන් සංඛ්‍යාව පැතිර යන්න පටන් ගත්තා. මෙහෙම පැතිර යන රෝගීන් සංඛ්‍යාව රෝගීන් දහස බවට පත්වුණේ මැයි මාසේ වෙනකොට. හැබැයි මැයි මාසේ වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්ත්වෙට පත්කරන්න ලංකාවේ පාලකයෝ කටයුතු කරලා තිබුණා. හැබැයි මේ විදිහට ලොක්ඩවුන් තත්ත්වෙට පත්කරන්න එදත් අපේ රටේ අය පරක්කු වුණා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ පරක්කු වීමට හේතුව විදියට දක්වන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, ලංකාවෙ අයට නාමයෝජනා භාරදීම සඳහා රට ඇරලා තියන්න අවශ්‍ය වුණාය කියන එක. ඒ විදිහට නාමයෝජනා ලබාදීම සඳහා රට ඇරලා තිබුණ නිසා ඒ වෙලාවේ කොවිඩ් රෝගය දරුණු ලෙස රට පුරා පැතිරුණා කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා.

ඇත්තටම කොවිඩ් රෝගය ලංකාවේ පැතිරෙන්න ගත්ත මුල්ම කාලයේ ඒ කියන්නේ 2020 මාර්තු මාසය ගැන බොහෝ දෙනකුට අදමතක නැහැ. හැබැයි ඒ කාලෙට සාපේක්ෂව කොවිඩ් රෝගය දරුණු ලෙස පැතිරෙන්න මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීම, ඒ වගේම මැතිවරණ නාමයෝජනා ලබාදීම, මැතිවරණයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම ආණ්ඩුව කිසිම පැකිලීමකින් තොරව කළා. ආණ්ඩුවට ඒ වෙලාවේ අවශ්‍ය වෙලා තිබුණෙ මැතිවරණයක් කියලා දැනගෙන හිටපු සෞඛ්‍ය ඇමැතිනී ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් වැඩ කළා මිසක් කොවිඩ් වෙනුවෙන් වැඩ කළේ නෑ කියලයි සමහර අය චෝදනා කරන්නේ. කොහොම නමුත් අප්‍රේල් මාසය වෙද්දි මැතිවරණයට දින නියම කරගෙන ඒ නියම කරගත්ත දින වෙද්දි කොවිඩ් රෝගය අඩුවන බවට පූර්ව නිගමන පවා සෞඛ්‍ය ඇමැතිනිය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළා. මේ විදියට පටලවා ගත්ත කොවිඩ් සෙල්ලම ඉතාම අසීරුවෙන් අපේ රෝහල් කාර්ය මණ්ඩල ඇතුළු බොහෝ දෙනෙක්ගේ දැඩි කැපවීම මත යම්කිසි ආකාරයකින් සමථයකට පත්කරගන්න සමත් වෙනවා. ඒ ඔක්තෝබර් මාසය විතර වෙනකොට. 2020 ඔක්තෝම්බර් මාසය වෙනකොට ලංකාවේ අවසාන රෝගියා ප්‍රතිකාර අරගෙන නිවසට ගියා කියන ප්‍රවෘත්තිය ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා බොහෝ දෙනෙක්ගේ ජංගම දුරකථනවලට ආවා.

මේ විදිහට ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා සතුටුදායක පණිවුඩය එනකොට ඔක්තෝබර් මාසේ තුන්වැනි ඉරිදා දිනයට ඉර පායන්නේ තවත් නරක ආරංචියක් සමග. ඒ තමයි, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ යකහටුවේ තවත් රෝගියෙක් වාර්තා වූ බවට ප්‍රවෘත්තිය. ඒ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කොවිඩ් අමතක කරලා දාලයි හිටියේ. මුඛවාඩම් ඒවගේම සැනිටයිසර් මේ දේවල් ටිකෙන් ටික මිනිසුන්ගෙන් ඈතට ගිහිල්ලා තිබුණා. ඒ වෙනකොට කඩ සාප්පු ඉස්සරහ තියලා තිබුණු අත හෝදන ටැප්වල වතුර ඉවර වෙලා. සබන් අතුරුදන් වෙලා. සබන් දියර බෝතල් හිස් වෙලා. මේ සියල්ලත් එක්ක හදිසියේ මතු වන කොවිඩ් රෝගියාව ගම්පහ රෝහලේ අහඹු ලෙස කරපු පී.සී.ආර්. පරීක්ෂණයකින් හොයාගන්නේ නොහිතූ වෙලාවක. හැබැයි නොහිතූ වෙලාවක මේ රෝගියා මතුවීමත් එක්ක අඩුම තරමේ ගම්පහ දිස්ත්‍රික්කයවත් වසා දැමිය යුතුව තියෙද්දිත් අපේ බලධාරීන් කළේ රෝගීන් මතුවන මතුවන ග්‍රාම සේවක කොට්ඨාසයෙන් කොට්ඨාසය වසාදමමින් මේ තත්ත්වය පාලනය කරන්න උත්සාහ කිරීම.

ඔක්තෝම්බර් තුන්වැනිදා යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව අහළ පහළ තියෙන කඩවල් මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය බවට ලියුම්කරු සාක්ෂි දරනවා. ඒ අවස්ථාව වෙනකොට අඩුම තරමේ ගම්පහ දිස්ත්‍රික්කයවත් වහලා දැම්මා නම්, මේ රෝගය බරපතළ ලෙස පැතිරීම පාලනය කරන්න තිබුණා කියලයි ලියුම්කරු ඇතුළු බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කය වහලා දාන්න පමාවීමත් එක්ක යකහටුවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් රෝගියා මතුවීම ඊළඟට ඉතාම බරපතළ ව්‍යසනයක් බවට පත්කරමින් පෑලියගොඩ මාළු කඩය දක්වා පැතිරෙනවා. පෑලියගොඩ මාළු කඩෙත්, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවත් දෙකම කොවිඩ්වලින් වැහිලා යනකොට අපට රෝහල් ධාරිතාව දරාගන්න බැරි බව, රෝහල් කාර්යමණ්ඩල්වලට මේ ධාරිතාවට ප්‍රතිකාර කරන්න අසීරු බව එහෙන් මෙහෙන් මතුවෙන්න පටන් ගත්තා. රෝගීන් අරගෙන යන එක නතර වුණා. රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා ඒ වෙනකොට වැඩපිළිවෙළක් සංවිධානය කර තිබුණත් දැඩි ලෙස රෝගීන් මතුවීමත් එක්ක මේක කළ නොහැකියි කියන තැනට මතිමතාන්තර මතුවෙන්න පටන් ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් පවුල් හැත්තෑ පන්දහසක් පමණ නිරෝධායනයට ලක් කළ යුතුයි කියලා ඒ වෙනකොට නිගමනය කරලා තිබුණු බවට අපට තතුදත් ආරංචි මාර්ග එදා වාර්තා කළා.

නමුත් මේ වතාවෙත්, අපි කොවිඩ් සම්බන්ධව ගත්ත තීන්දු තීරණ හරියටම හරිද කියන එක අදටත් අපට ප්‍රශ්නයක්. එදා කොවිඩ් බරපතළ ලෙස පැතිරෙමින් යනකොට බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට එක එක තැන් නම් කරලා, ඒ තැන්වලට එන්න කියලා ඒ තැන්වල පී.සී.ආර්. කරන්න ගත්තා. ඒ මිනිස්සු කිලෝමීටර් ගණන් පයින් ආවා. සමහරුන්ට එන්න විදියක් නැතිවෙලා ගියා. ඒ වෙනකොටත් කොවිඩ් රෝගී වුණු එම කර්මාන්ත ශාලාවේ සේවිකාවන් නුවරඑළිය, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය වගේ ප්‍රදේශවලින් හමුවෙන්න පටන් අරගත්තා. ඒ මිනිසුන්ට ආයෙත් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට එන එක හිතාගන්නවත් බැරි තරම් අසීරු කාරණාවක්. සාමාන්‍යයෙන් යාපනයේ ඉඳලා කිලෝමීටර් තුන්සිය පනහක දුරක් ගෙවාගෙන ආපහු බ්‍රැන්ඩික්ස් එකට ඔවුන්ව රැගෙන එන්න වැඩපිළිවෙළක් අපි සතුව තිබුණෙත් නැහැ.

කොහොම නමුත් ඒ වතාවෙත් කොවිඩ් එක්ක හැප්පෙන්න අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට පුළුවන් වුණා. විශේෂයෙන්ම ඡග්‍යගෂග මහත්වරු, ග්‍රාම නිලධාරීන්, පොලිසිය, හමුදාව ඇතුළු මේ සියලු දෙනා එකතු වෙලා දැඩි පරිශ්‍රමයකින් මේ කොවිඩ් සටන තවත් වතාවක් යම් තරමකට සමථයකට පත්කර ගත්තා. විශේෂයෙන්ම හමුදාව රෝගීන්ගේ ආශ්‍රිතයන් හොයාගෙන යමින් දැඩි කැපවීමක් කළා. ඒත් බලධාරීන් දිගින් දිගටම කිව්වේ රෝගය සමාජගත වෙලා නෑ කියලා. ඔවුන් නමක් දැම්මා මේ පොකුරට,‘මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර’ කියලා. ඒ පොකුර නිසා රෝගය පැතිරෙනවා කියලා කියමින් ඉන්න අතරතුරේ විසිවැනි සංශෝධනය වෙනුවෙන් තව වතාවක් අපි කොවිඩ් රෝගීන්ගේ ජීවිත කැපකරලා රට ඇරලා තියන්න තීරණය කළා. දිගින් දිගටම පාර්ලිමේන්තුව වහලා දාන්න කියද්දී පාර්ලිමේන්තුවේ නිවැරදි පරතරය තියාගන්න කියද්දී ඔවුන් හැම වෙලාවකම කිව්වේ පාර්ලිමේන්තුව වහලා දානවට වඩා තව කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා කියලා.

ඒ වෙද්දී විපක්ෂ නායකයා විදිහට කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහත්තයා අහන ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමැතිනිය පිළිතුරු දුන්නේ දැඩි ලෙස කෝපයට පත්වෙලා. සමාජ පරතරය පාර්ලිමේන්තුවේදී තියාගන්න අවශ්‍ය නෑ කියලත්, පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙවෙයි කියලත් සෞඛ්‍ය ඇමැතිනිය කිව්වා කියලයි අපට මතක. ඒ අවස්ථාවේදී එතැන මාස්ක් දාන්න ඕනේ නැද්ද කියලත් සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කළා. හැබැයි නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම නිසා අපට දෙවැනි වතාවෙත් කොවිඩ් එක්ක දැඩි සටනක නිරත වෙන්න සිද්ධ වුණා. ඒ වතාවෙත් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ධාරිතාව ඉක්මවා යන තැනට රෝගය උත්සන්න වුණා. අපේ ආරක්ෂක අංශවලට මේක දරාගන්න බැරි තැනට ආවා.

මෙහෙම තිබුණු කොවිඩ් ප්‍රශ්නය තවදුරටත් ඉතාම ඉහළට ඇවිල්ලා හෙමින් හෙමින් හෙමින් බැහැලා ගියා. හෙමින් හෙමින් බැහැලා යද්දි අපට කොවිඩ් ගැන අමතක වෙන්න පටන් අරගත්තා. ආයෙත් කොවිඩ් රෝගීන් එහෙන් මෙහෙන් වාර්තා වුණත්, මේ වෙනකොට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව ඉතාම අඩු අගයක් ගත්තා. හැබැයි හැමෝම සතුටු කරමින් ලෝකය කොවිඩ් සඳහා එන්නත් නිෂ්පාදනය කළා. එංගලන්තය, කැනඩාව, ජර්මනිය වගේ රටවල් එකතු වෙලා ෆයිසර් වැක්සීන් එක නිර්මාණය කරනවා. ඒ වගේම ජේ ඇන්ඩ් ජේ කියන වැක්සීන් එක නිර්මාණය වෙනවා. ඒ අතරතුරේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවෙන් නිෂ්පාදනය කරන්න ගන්නවා. සයිනෝෆාම් එන්නත චීනයේ නිෂ්පාදනය වෙනවා.

මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ ලෝකෙයේ දිළිඳු රටවලට එන්නත් ලබාදීම සඳහා ව්‍යාපෘතියක් දියත් කරමින් හිටියා. ඒ හරහා ලංකාවටත් එන්නත් යම් මාත්‍රාවක් ලැබුණා. ඒ මාත්‍රාව සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරපු ආකාරයට ලබාදුන්නාද නැද්ද කියන එකගැන අපිට ප්‍රශ්නයක්. තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන විදියට මේ සෞඛ්‍ය නිර්දේශවල තිබුණේ මුලින්ම වයස අවුරුදු 60ට වැඩි අයට ලබාදෙන්න. ඒ කියන්නේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ප්‍රථම ආශ්‍රිතයන් බවට පත්විය හැකි, කොවිඩ් රෝග මර්දන ව්‍යාපෘතියට සහභාගි වන අය හැරුණු කොට රටේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට මුලින්ම එන්නත්කරණය සිද්ධ කරලා ඉන් පස්සේ පිළිවෙළින් එන්නත්කරණය කරන්න කියලා සෞඛ්‍ය නිර්දේශ ලබාදීලා තියෙද්දිත් කවුරු හෝ කෙනෙක් අත්තනෝමතික විදියට එන්නත්කරණය ආරම්භ කළා.

නමුත්, එන්නත්කරණය හරියට කරගන්න බැරිවුණා වගේම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු කරන්නත් අපේ බලධාරීන් කලබල වුණා. මේ කලබලය කොච්චරද කියනවා නම් පහුගිය සිංහල අලුත් අවුරුද්ද වෙනකොට කොවිඩ් කියලා දෙයක් රටේ තිබ්බද කියලවත් මතක නැති වෙන තැනට රට පත්වුණා. ඒ අවස්ථාවේදී රටේ බලධාරීන්ට රට වහලා දාන්න පුළුවන්කම තියෙද්දිත් හිතාගන්න බැරි විදියට රට සම්පූර්ණයෙන් ඇරලා දාලා තිබුණා. කොවිඩ් අවදානම සම්පූර්ණයෙන් පහවෙලා ගියා කියලා හිතාගෙන මිනිස්සු හෝගාලා රෙදි ගත්තා, කඩවලට ගියා, තම තමන්ගේ හිතුමනාපේ වැඩ කරන්න පටන් අරගත්තා. කොවිඩ් සම්බන්ධව පත්කරපු රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක අවස්ථාවක කියනවා ‘අපිට ඒ ඉල්ලීම ජයග්‍රහණය කරගන්න බැරිවුණා, අපිට රට වහන්න බැරි වුණා’ කියලා.

අපට හිතාගන්න බැරි ඒ ඉල්ලීම ජයග්‍රහණය කරන්න බැරිව ගියේ ඇයි කියන එක. ඒ ඉල්ලීම ජයග්‍රහණය කරගන්න බැරි තරම් අසීරු ඉලක්කයක්ද? එහෙම නැත්නම් ඒ හරහා කාටද පාඩු වෙන්නේ? කොහොම නමුත් අප්‍රේල් මාසේ ඉවර වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට මිනිස්සු කිරිබත් කාලා කටගන්න කලින් කොවිඩ් එහෙන් මෙහෙන් මතු වෙනකොට හිතාගන්න බැරිමට්ටමට කොවිඩ් ආවා. ඉස්සර පන්සියයක්, හයසියයක් වෙනකොට අපට ඇස් දෙක උඩ ගියපු කොවිඩ් නම් ලැයිස්තු හදිසියේම දාහ, දෙදාහ වුණා. දෙදාහ, තුන්දාහ වුණා. දැන් මේ වෙනකොට දවසකට ලෙඩ්ඩු තුන්දහස් පන්සියයක් වාර්තාවීමත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉස්සර එක රෝගියෙක් වාර්තා වෙනකොට බ්‍රේකින් නිව්ස් ගහපු නාලිකාවලට දැන් සිද්ධවෙලා තියෙන්නේ මරණ ලැයිස්තුවේ ගාණ විතරක් කියලා නිකන් ඉන්න. ඒකට හේතුව වෙන්නේ දිනකට වාර්තා වන මරණ ප්‍රමාණය තිහ, හතළිහ මට්ටමේ තිබීමත් දැන් සාමාන්‍යකරණයට පත්වෙලා තියෙන නිසා. මේ ලියන දවස වෙනකොට ලංකාවේ රෝගීන් තුන්සියය ඉක්මවලා මියගිහිල්ලා ඉවරයි. ඒ අපේ නොහිතූ නොපැතූ වෙලාවක ලංකාවට කඩාවැදුණු කොවිඩ් රෝගය නිසා.

මේ විදියට කොවිඩ් රෝගය ලංකාවට එන්න නොදී හිටියනම් යම්කිසි විදිහකට මේ සියලු දෙනාම ජීවත් වෙනවාය කියලා අපිට පූර්ව නිගමනවලට එළඹෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ කිසිම රටක් කොවිඩ්වලට ඇතුළුවෙන්න නොදී ඉන්න සමත් වුණේ නෑ. ඒත් කොවිඩ් එක්ක සටන් කරලා කොවිඩ් පරාජය කරපු රටවල් ලෝකයේ ඕනෑ තරම් තියනවා. ඒ රටවල් ඒක සිද්ධ කළේ සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය විදිහට රට පාලනය කරන්න ඉඩ දීමෙන්. හැබැයි අපි සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය විදියට නිසි පියවර ගත්තද? එහෙම නැත්නම් බලධාරීන්ට අවශ්‍ය විදිහට සෞඛ්‍ය පාලනය කරලා සෞඛ්‍ය වෙනුවෙන් අනවශ්‍ය පියවර ගත්තද කියන එක ගැන අපට තව පාරක් හිතන්න සිද්ධ වෙලා තියනවා. මේ වතාවේ ‘අලුත් අවුරුදු පොකුර’ කියලා ආණ්ඩුවම නම දාලා කොවිඩ් රෝගය ලංකාව පුරාම පැතිරෙනකොට අපි කළේ ‘පෝර්ට් සිටි පනත’ සම්මත කරගන්න වෙහෙසෙන එක.

අදත් කොවිඩ් නිසා අපි මේ පීඩා විඳින්නේ හිතාගන්න බැරි තැනකට පත් වෙලා තියෙන්නේ පෝට් සිටි එක වෙනුවෙන් නිශ්චිත වෙලාවේ, නිවැරදි වෙලාවේ, අවශ්‍ය වෙලාවේ ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් ඉල්ලපු වෙලාවෙ රට නොවහපු නිසා කියලයි අදටත් සෞඛ්‍යය බලධාරීන් කියන්නේ. මේ වෙනකොට ලංකාවේ ඉන්නේ කොවිඩ්වලින් ලෝකයේ බරපතළම ලෙස තර්ජනයට ලක්වුණු රටවල් කිහිපය අතරේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ වෙනකොට කියලා ඉවරයි. ඇමරිකාව වගේ රටවල් කොවිඩ් හතරවැනි අදියරේ තියෙන රටක් විදිහට ලංකාව නම් කරලා ලංකාවට ඇතුළුවීම පවා තමන්ගේ සංචාරකයන්ට තහනම් කරන්න අවශ්‍ය කරන නියෝග නිකුත් කරලා ඉවරයි.
අපි දැන් ඉන්නේ කිසිසේත්ම දරාගන්න බැරි තැනකට ඇවිල්ලා. අපි රෝහල් හදනවා, අපි වෙන්ටිලේටර් මැෂින් මිනිසුන්ගෙන් ඉල්ලනවා, ඔක්සිජන් යන්ත්‍ර පුළුවන් නම් ලබාදෙන්න කියලා කියනවා. රෝහල් කීපයක්ම මේ විදියේ දැන්වීම් සමාජ ජාලවල පළකරලා තිබුණා. රෝහල් කිහිපයක්ම සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ එකතුවෙලා නිර්මාණය කළා.

හැබැයි අපි තාමත් කොවිඩ්වලට වඩා හුඟක් පිටිපස්සෙන් ඉන්නේ. මොකද දැන් අපි පහුවෙලා ඉවරයි. ඒ නිසා දැන්වත් අපි තේරුම් ගනිමු නිවැරැදි තීරණ නිවැරැදි වෙලාවට නොගත්තොත් එකෙන් වන්දි ගෙවන්න වෙන්නේ බලධාරයිනී, ඔබට හෝ ඔබේ පවුලේ අයට නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ට. අහිංසක මිනිසුන්ට. එදා වේල හොයාගන්නා මිනිසුන්ට. මේ විදියට මැරිලා යන බොහෝ දෙනෙක් සාමාන්‍ය අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු වැරදි කරපු මිනිස්සු නෙමෙයි. රට වහන තීරණය ගන්න ඒ මිනිසුන්ට බැහැ. හැබැයි තව එකක් තියෙනවා. රට වහන තීරණය අපිට ගන්න බැරි වුණාට අත හෝදන තීරණය, සමාජ පරතරය තියාගන්න තීරණය, නිසි මාස්ක් එකක් දාන තීරණය අපට ගන්න පුළුවන්. ඒ නිසා අපි අපට පුළුවන් දේ කරමු. ඒගොල්ලෝ ඒගොල්ලොන්ට පුළුවන් දේ කරයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විරෝධය හමුවේ ආණ්ඩුව ඩී.එස්. එකේ හදන්න ගිය කාර් පාක් එක් අත්හිටුවයි

Next Post

කොරෝනා රෝගීන් 8000ක් තවම ගෙවල්වල!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.