• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දාපු-උසාවිය හළපු-කවුරුත් නොදත් පෝට්සිටියේ වගන්ති 21

June 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පෝර්ට්සිටියේ ලොකුම ඉදිකිරීම චීනෙට
Share on WhatsAppShare on Facebook

චීනය කලින් කලට ශ්‍රී ලංකාවට නොයෙකුත් තෑගි බෝග පරිත්‍යාග කරන රටකි. දැනට දශක ගණනාවක සිට සිදුවන එම කතාවේදී එක්තරා අපූරු ප්‍රතිචාරයක්ද නොඅඩුව ලැබෙයි. එනම් මේ තෑගි බෝග ලැබෙන විට ශ්‍රී ලංකාවේ සිටින සමහරුන් අත්පුඩි ගසන අතර, තවත් සමහරුන් උද්වේගයෙන් කෑකෝ ගසති. එනම් චීනය අපට තෑගි බෝග ලබා දෙන්නේ සද්භාවයෙන් යැයි සමහරුන් කියන විට, අනෙක් පාර්ශ්වය කියා සිටින්නේ, චීනය හැමදාම අප රට සූරා කන්නට එන කපටි, වංචාකාර දේශයක් ලෙසටය. මේ අන්ත දෙක අද මේ වගතුග කතා කරන දිනයේදීම එලෙසම නොවෙනස්ව පවතියි. පසුගියදා කොරෝනා ගිනි ජාලාව මැදද අපට අසන්නට වූයේ එවැනිම සිදුවීමකි. එය මේ චීනයේ ප්‍රධානත්වයෙන් ඉදිකෙරෙන ‘කොළඹ වරාය නගරය’ නොහොත් බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ‘පෝට්සිටි’යේ නවතම වගතුගයි. පසුගිය කාලයක් පුරා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘පෝට් සිටි’ ස්ථාපිත කිරීම සඳහා වූ ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ මෙයට දින කිහිපයකට පෙරදී පාර්ලිමේන්තුවේදී සම්මත වීම එම සුවිශේෂී සිදුවීමයි.

මෙම පනත උදෙසා පසුගිය කාලයේදී රාජ්‍ය පාර්ශ්ව ‘අණබෙර’ හෝ ‘මඟුල් බෙර’ ගසමින් සිටින විටදී විපක්‍ෂය ‘මළබෙර’ ගසන්නට ගත්තේය. කෙසේ හෝ එවැනි වටාපිටාවක් තුළදී පසුගියදා ‘පෝට් සිටි හබය’ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගියේය. ‘පෝට් සිටි’ යනු ශ්‍රී ලංකාව තුළ ‘චීනයේ ඒකාධිකාරය ඇති රාජ්‍යයක් බිහි කිරීම’ යන්න, විපක්‍ෂය නැඟූ ප්‍රබලතම චෝදනාව විය. කෙසේ හෝ කොරෝනා මාරයා මෙරට අහිංසක මිනිසුන් තමන්ගේ මාර අඩවියට ඇදගෙන යන විටදීම, ‘පෝට් සිටි පනත’ද පාර්ලිමේන්තුවට රිංගා ගත්තේය. එහෙත් මේ පනතට හිතූමතේ නටන්නට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩදී තිබුණේ නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබූ, පනතේ වගන්ති 21ක සංශෝධනයක් මත එම පනත සම්මත කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේය. කෙසේ හෝ අවසානයේදී පාර්ලිමේන්තුව තුළ එලෙස පනත සම්මත විය. එනම් තෙවන වර කියැවීමේදී පනතට පක්‍ෂව ඡන්ද 149ක් ලැබුණු අතර, විපක්‍ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණි. ඒ අනුව පනත වැඩි ඡන්ද 91කින් සම්මත විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙම පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් පවසා සිටියේ, එම පනත් කෙටුම්පතේ සමහර වගන්ති සඳහා විශේෂ වූ බහුතරයක්, එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර, සමහර වගන්ති සඳහා විශේෂ වූ බහුතරයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය බැව්ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරන සංශෝධන සිදුකරන්නේ නම් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පනත සම්මත කළ හැකි බැව් කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන සියල්ලම පිළිගෙන අදාළ පනතට අනුගත කරන බවත් ප්‍රකාශ විය. කෙසේ හෝ හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව රජය කටයුතු කරන බැව් පැවසෙයි. මෙම ආන්දෝලනයට ලක්වූ පෝට් සිටි පනතේ වගන්ති 21 කුමක්ද? ‘මව්රට’ පාඨකයන් උදෙසා අප එම වගතුග ගැන සොයා බැලුවෙමු.

අදාළ පනත් කෙටුම්පතේ විශේෂ බහුතරය, නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මෙසේය.

  • 3(4) වගන්තිය : කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ වන්නා වූ සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග පිළියෙළ කිරීම, සැකැසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම.
  • 52(3) වගන්තිය : යම් ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව, ඒ ව්‍යාපාරයට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට ස්වකීය කටයුතු කිරීමට අදාළ වනතාක් දුරට නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි ප්‍රදානය කරනු ලැබිය හැකිය. බදු හා සම්බන්ධ නිදහස් කිරීම් සම්බන්ධයෙන් වන විට, එම නිදහස් කිරීම් ෂෂ වන උප ලේඛනයේ දක්වා ඇති සියලුම හෝ යම් නීතිවලින් සහ මුළුමනින්ම හෝ කොටසක් වශයෙන් ප්‍රදානය කරනු ලැබිය හැකිය.
  • 53 වගන්තියේ 2(ආ) උප වගන්තිය : මේ පනතේ ෂෂ වන උප ලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාල වීමෙන් නිදහස් කිරීමට යෝජනා කරන නිශ්චිත පනත් කවරේද යන්න සහ වෙනත් යම් දිරිගැන්වීම්.
  • 53(3)(ආ) වගන්තිය : මේ පනතේ ෂෂ වන උප ලේඛනයේ ලැයිස්තුගත පනත් අතරින් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය සම්බන්ධයෙන් අදාළ වීමෙන් නිදහස් කිරීමට යෝජනා කරන නිශ්චිත පනත් කවරේද යන්න සහ වෙනත් යම් දිරිගැන්වීම්.
  • 68(1)(ඊ) වගන්තිය : වැරැදි සම්බන්ධයෙන් අදාළ වන වගන්තිය වන අතර, මේ පනත ප්‍රකාරව සාදනු ලබන හෝ නිකුත් කරනු ලබන යම් රීතියක්, සංග්‍රහයක්, විධානයක් හෝ මාර්ගෝපදේශයක් හෝ කඩකරන ඊට අදාළව කටයුතු කිරීමටද අපොහොසත් වීම.
  • 52(5) වගන්තිය : මේ පනතේ මේ කොටසේ විධිවිධාන සලසා ඇති පරිදි, නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් හෝ ප්‍රදානය කිරීම පිළිබඳව අවශ්‍ය විය හැකි යම් වැඩිදුර මාර්ගෝපදේශ නියම කරමින් නියෝග සාදනු ලැබිය හැකිය.
  • 68(3)(අ) වගන්තිය : වෙනත් යම් නීතියක අන්තර්ගත විධිවිධානවල කුමක් සඳහන් වුවද, මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදනු ලබන, නිකුත් කරනු ලබන හෝ පනවනු ලබන හෝ යම් නියෝගයක, රීතියක, විධානයක, නියමනයක හෝ අවශ්‍යතාවයක විධිවිධානයක් කඩකරන හෝ ඊට අනුකූල වීම පැහැර හරින යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් කරන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් ලක්‍ෂ පහකට අඩු නොවන සහ රුපියල් මිලියන එකකට වැඩි නොවන දඩයකට හෝ මාස තුනකට අඩු නොවන සහ අවුරුදු එකක් නොඉක්මවන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.
  • 71(2)(ජ) වගන්තිය : 52 වන වගන්තියේ කාර්ය සඳහා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති යම් හෝ ව්‍යාපාරයක් සඳහා නිදහස් කිරීමට හෝ දිරිගැන්වීම් හෝ ප්‍රදානය කිරීම හා සම්බන්ධ යම් වැඩිදුර මාර්ගගෝපදේශ නිශ්චිතව දැක්වීම.
    විශේෂ බහුතරය නැතහොත් තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන වගන්ති මෙසේය.
  • 3(5) වගන්තිය : කොමිෂන් සභාව විසින් එහි බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී, යම් නියාමන අධිකාරියකට අදාළ වන ලිඛිත නීති මගින් එසේ කිරීමට නියම කර ඇති අවස්ථාවක, ඒ නියාමන අධිකාරිය සතු හෝ ඊට පවරනු ලැබූ ඇති විෂයයක් සම්බන්ධයෙන් හෝ මේ පනතේ නිශ්චිතව නිසි විධිවිධාන සලස්වා ඇතිතාක් දුරට ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබාගත යුතුය. එසේ වුවද, ඉල්ලා සිටිනු ලබන අදාල නියාමන අධිකාරියේ එකඟත්වය ඒ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත විය යුතුය.
  • 3(6) වගන්තිය : වරාය කොමිෂන් සභාව විසින් එම එකඟත්වය ඉල්ලා සිටිනු ලබන්නේ යම් අදාල නියාමන අධිකාරියකින්ද, ඒ අදාළ නියාමන අධිකාරිය විසින්, අවස්ථානුගත කරුණු අනුව ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මණින්, ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.
  • 3(7) වගන්තිය : මේ පනතේ අන්‍යාකාරයකින් විශේෂිතවම විධිවිධාන සලස්වා ඇත්නම් මිස, මේ පනතේ කිසිවකින්, යම් ලිඛිත නීතියකින් යම් නියාමන අධිකාරියක් වෙත සතු කරදී ඇති බලතල, කාර්ය සහ කර්තව්‍ය, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය සම්බන්ධයෙන් කවර ආකාරයකින් හෝ සීමා කරනු ලබන ලෙසට සලකනු නොලැබිය යුතුය.
  • 6(1)(ආ) වගන්තිය : කොමිෂන් සභාව විසින් අවශ්‍ය යැයි සලකනු ලබන පරිදි, අදාළ නියාමන අධිකාරිවල එකඟත්වය ඇතිව, මේ පනත ප්‍රකාරව කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදුකරන සියලු ආයෝජන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් වන සමස්ත නියාමන අධීක්‍ෂණය සහ පාලනය සඳහා පහසුකම් සැලසීම සහ එය ක්‍රියාත්මක කිරීම.
  • 30(1) වගන්තිය : මේ පනතේ ඪෂෂ වන කොටසට, ඪෂෂෂ වන කොටසට සහ 33 වන වගන්තියට යටත්ව, කොළඹ වරාය නගරයේ බලප්‍රදේශය තුළ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවා නියුක්ත වීමට හෝ ඊට පැමිණීමට ලියාපදිංචියක්, බලපත්‍රයක්, බලය ලබා දීමක් හෝ වෙනත් යම් අනුමැතියක් සඳහා කොමිෂන් සභාව වෙත කරනු ලබන යම් ඉල්ලීමක් පිළිගන්නේද නැතහොත් සාධාරණ හේතුවක් මත ප්‍රතික්‍ෂේප කරන්නේද යන්න කඩිනමින් සහ සම්බන්ධිත ආකාරයෙන් සලකා බලා තීරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා කොමිෂන් සභාව විය යුතුය.
  • 30(3) වගන්තිය : කොමිෂන් සභාව විසින් ඒ ලියාපදිංචිය, බලපත්‍රය, බලය ලබා දීම හෝ වෙනත් අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලියේදී, අදාළ නියාමන අධිකාරියට අදාළ වන ලිඛිත නීති මගින් ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබාගත යුතු යැයි නියම කරන අවස්ථාවකදී, ඒ අධිකාරිය සතු හෝ ඒ අධිකාරිය වෙත පවරනු ලැබ ඇති විෂයයන් සම්බන්ධයෙන් සහ මේ පනතේ විශේෂයෙන් විධිවිධාන සලසා ඇති ප්‍රමාණය තෙක්, ඒ අදාළ නියාමන අධිකාරියේ එකඟත්වය ලබාගත යුතුය.
  • 33(1) වගන්තිය : කොමිෂන් සභාව, ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නා වශයෙන්, බලයලත් තැනැත්තෙකුට, බලයලත් තැනැත්තකුගේ යම් උපදේශකයකුට හෝ බලයලත් තැනැත්තකු විසින් විශේෂයෙන් බලය ලබාදෙන ලද යම් තැනැත්තෙකුට හෝ බලයලත් තැනැත්තකුගේ සේවා නියුක්තයකුට සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරවල නිරත වීමට, ආයෝජනය කිරීමට, පදිංචි වීමට, සේවයේ නියුක්ත වීමට හෝ ඊට පැමිණීමට අදහස් කරන තැනැත්තෙකුට හෝ අවශ්‍ය විය හැකි වීසා බලපත්‍රයක්, ඇතුළු වීමේ අවසර පත්‍රයක් හෝ වැඩ කිරීමේ අවසර පත්‍රයක් සහ වෙනත් අනුමැතියන් සඳහා වන ඉල්ලීමක් බාර ගැනීම සහ ඒවා පිරිසැකැසීම සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය විය හැකි පරිදි කරනු ලැබිය යුතුය.
  • 40(2) වගන්තිය : ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ වාසියකු 1 වන උප වගන්තියේ දක්වා ඇති පරිදි සිල්ලර වෙළෙඳ පහසුකමකින් මිලදී ගනු ලබන භාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයෙන් පිටවී යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු, නියම කරනු ලබන පරිදි විය යුතුය.
  • 55(2) වගන්තිය : සහාධිපත්‍ය දේපොළ කළමනාකරණ අධිකාරිය විසින් අවස්ථානුගත කරුණු අනුව ප්‍රමුඛතා කරුණක් ලෙස සලකා, ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.
  • 58(1) වගන්තිය : කොමිෂන් සභාව විසින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් එකඟත්වය ඉල්ලා සිටින අවස්ථාවක, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අවස්ථානුගත කරුණු අනුව, ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින්, ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් ලෙස සලකා, කොමිෂන් සභාව වෙත ඒ එකඟත්වය ලබාදෙනු ලැබිය යුතුය.
  • 60(ඇ) වගන්තිය : මේ පනත මගින් බලය දී ඇති පරිදි කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ කොමිෂන් සභාව විසින් පනවන ලද, ප්‍රදේශවලට අදාළ බදු සහ අයබදු එකතු කිරීමට පහසුකම් සැලසීම සහ කළමනාකරණ ගාස්තු, උපයෝගිතා අය කිරීම්, වාහන ගාල් කිරීමේ අය කිරීම්, භාවිත කිරීමේ ගාස්තු සහ එවැනි වෙනත් ගාස්තු හෝ අයකිරීම් ඇතුළු කොළඹ වරාය නගරයේ බලප්‍රදේශය තුළ සපයනු ලබන සේවාවන් සඳහා වන ගාස්තු සහ අයකිරීම්, කොළඹ වරාය නගරයේ බලප්‍රදේශය තුළ සිටින බලයලත් තැනැත්තන්ගෙන්, බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තකයන්ගෙන්, වාසිකයන්ගෙන්, පදිංචිකරුවන්ගෙන් සහ ආගන්තුගකයන්ගෙන් එකතු කිරීම.
  • 60(ඊ) වගන්තිය : කොමිෂන් සභාව විසින් පනවනු ලබන සහ කොළඹ වරාය නගරයේ බලප්‍රදේශය තුළට අදාළ දේශීය වරිපනම්, බදු, අයබදු සහ එවැනි වෙනත් අයකිරීම් කොමිෂන් සභාව වෙනුවෙන් එකතු කිරීම සහ එසේ එකතු කරන ලද මුළු මුදල් ප්‍රමාණය, කොමිෂන් සභාව විසින් විධාන කරනු ලබන පරිදි බැංකු ගිණුමකට බැර කිරීම.
  • 71.(1) වගන්තිය : ජනාධිපතිවරයා විසින් හෝ කොළඹ වරාය නගරය විෂයය අමාත්‍යවරයකුට පවරනු ලබන අවස්ථාවකදී, ඒ අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව සහ අවශ්‍ය යැයි සලකනු ලබන යම් අදාළ නියාමන අධිකාරියක් විමසා, නියෝග මගින් නියම කරනු ලැබිය යුතු බවට මේ පනතින් නියමිත හෝ නියෝග සාදනු ලැබීමට හෝ මේ පනතින් බලයදී ඇති සියලු කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකිය.
  • 71(2)(v) වගන්තිය : 39 වැනි වගන්තියේ කාර්ය සඳහා, ශ්‍රී ලංකා රුපියල් නොවන යම් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ලැබුණු මුදල් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සහ පවත්වාගෙන යනු ලබන නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට ප්‍රේෂණය කිරීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය නිශ්චිතව දැක්වීම.

  • මේ ආකාරයට සංශෝධනය විය යුතු පනතේ වගන්ති 21 ඔබ වෙත පැහැදිලි කළෙමු. කෙසේ හෝ මෙම ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා’ පනත යනු පිටු 80කින් සමන්විත ඉතා දීර්ඝ කෙටුම්පතකි.

නියමිත සංශෝධන සහිතව දැනට පාර්ලිමේන්තුව මගින් සම්මත වී ඇත්තේ මෙම ඉතිහාසගත වූ කෙටුම්පතයි. කෙසේ හෝ මෙම සිදුවීම් පෙළ ගැන අප නීති ශාස්ත්‍රයේ නිරත විද්වතුන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියෙමු. සිදුකෙරෙනවා යැයි පැවසෙන සංශෝධන සඳහා වන නිසි ක්‍රමවේදය කුමක්ද? සාමාන්‍ය ජනතාව මේ වගතුග දන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

විපක්‍ෂය නියෝජනය කරමින්, කොළඹ වරාය නගර පනත ගැනවූ අර්බුදයේදී බොහෝ ක්‍රියාශීලීව කටයුතු කළ දක්‍ෂ, තරුණ නීතිවේදියකු වන සුරේන් ප්‍රනාන්දු මහතාගෙන් මේ තත්ත්වය ගැන විමසා සිටියෙමු.

‘ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබී දැන් එම අදාළ සංශෝධන සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙය ඉදිරියේදී හරියාකාරවම සිදුවන ක්‍රමවේදය ගැන දැනට කියන්නට බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ පැහැදිලිව දක්වලා තිබෙනවා සංශෝධනය විය යුතු යුතු වගන්ති ගැන. ඒත් මේවා මොන ආකාරයෙන්ද සංශෝධනය වී තිබෙන්නේ කියලා තවම අපි දන්නේ නැහැ. කාරක සභා අවස්ථාවේදී ඒවා ප්‍රකාශ වුණත්, මේ ක්‍රමවේදය ගැන තවම පැහැදිලි නැහැ. මෙම අදාළ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය කියූ ලෙස සිදුකෙරී තිබෙනවාද, අධිකරණ නියෝගයට මෙය සමානද, එසේත් නැතිනම් නිර්දේශය අභිබවා ගිහිල්ලාද යන කරුණු කිසිවක් තවම අපි දන්නේ නැහැ.’

ශ්‍රී ලංකා නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නීති විශාරදයකු වන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මෙවැනි මතයකි.
‘පාර්ලිමේන්තුවේ තෙවැනි වර කියැවීමේදී කාරක සභා අවස්ථාවට පැමිණි විට, අධිකරණ ඇමැති මගින් ප්‍රකාශ කරනවා, මේ මේ වගන්ති සංශෝධනය කළා කියලා කියනවා. එහෙත් එහිදී අපි දන්නේ නැහැ මෙය හරියට සංශෝධනය වුණාද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිමතය ඉටු වුණාද කියලා. මේ ක්‍රමවේදය වැරැදියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කැමරා උස්සගෙන ගිහින් පාරේ පිස්සු නටන්නේ පොලිසියද-මාධ්‍යයද?

Next Post

මරණ 43යි!
රෝ්ගීන් 2845යි!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.