කොරෝනා රැල්ල ආරම්භ වූ දිනයේ සිටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක වතුර බෝතලයක්වත් ජනතාවට ලබා දී නොමැති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.
ඒ අනුව විපක්ෂනායකවරයා කියා සිටියේ එය අසත්‍ය බවත්, තමන් එය ඔප්පු කොට පෙන්වන බවත්, එසේ නොවන්නේ නම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත්ය.
නමුත් තමන් මෙම අභියෝගය බාරගෙන එය ඔප්පු කොට පෙන්වීමෙන් පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමට සූදානම්දැයි විපක්ෂනායකවරයා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
ඒ අනුව විපක්ෂනායකවරයා කොරෝනා පළමු රැල්ල ආරම්භ වූ 2020 වසරේ සිට මේ දක්වා කෝටිගණන් වටිනා වෛද්‍ය උපකරණ රෝහල්වලට ලබා දුන් ආකාරයේ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.










