හෙට (17) උදෑසන සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එසේ හෙට සිට නිවසින් බැහැරට යා හැක්කේ නිවසේ එක් අයෙකුට පමණි.
ඒ, නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.
ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ, සිය ජාතික හැඳුනුම්පතෙහි අවසාන අංකය ඔත්තේ ඉලක්කමක් (1,3,5,7,9) ඇති අයට පමණි.










