සම්පූර්ණයෙන් එන්නත්කරණය කර ඇති අමෙරිකානු වැසියන් මින් ඉදිරියට මුව ආවරණ පැළදිය යුතු නැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සදහන් කරයි.
විශේෂ ට්විටර් පණිවුඩයක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ අමෙරිකාවේ කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යමින් දහස් සංඛ්‍යාත ජනතාවක් මියගියද බයිඩන් පාලනය ආරම්භ වීමත් සමග රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබිණ.










